තරු හුට පට

විල්පත්තුවේ ගිනි පත්තුවෙයි – චිත්‍රාල්ගේ වීඩියෝව පිටවෙයි

 

cover-විල්පත්තු වන විනාශය තවමත් රට තුල දැවෙමින් පවතින ප්‍රශ්නයකි.   වන විනාශය හා ඒ හරහා රටට අහිමි කරන සුන්දරත්වය මෙන්ම රටේ අනාගගත සුරක්ෂිතතාවය  ජාති හා ආගම් කුල මල  වශයෙන් වෙන් කළ හුවාදැක්වීම වන විනාශයේ   සාධාරණිකරයට නිදසුනක්ද නොවේ.

මේ විල්පත්තුවේ වන විනාශය ගැන කියවෙන චින්තන ධර්මදාස මහතා විසින් පද රචනා කළ ඒ වගේම සුප්‍රසිද්ධ ගායකයෙකු වන චිත්‍රාල් සෝමපාල මහතා විසින් ගායනා කරනු ලබන විල්පත්තුවේ ගීතයේ වීඩියෝව මේ වන විට මුදාහැර තිබෙනවා.

චිත්‍රාල් සෝමපාල විසින් පසුගිය කාලය පුරාම ෆේස් බුක් හරහාද  විල්පත්තුවේ වන විනාශය සම්බන්ධයෙන් දිගින් දිගටම ජනතාව දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

කොහොම වුණත් ලංකාවේ සුන්දරත්වයට ආදරය කරන, පරිසර විනාශයට එරෙහි වන සියලුම  දෙනා මේ ගීතය ඇසිය යුතුමයි.

ඒ වගේම  ලොකු කුඩා, ජාති ආගම් භේදයකින් තොරව  පාරිසර විනාශයටද එරෙහි වී නැගී සිටිය යුතුමය.

එම ගීතය පහළින් නරඹන්න.

 

විල්පත්තුවේ ගීතයේ පද රචනය පහතින්

පණපිටින් මස්කරා උකුස්සෙක්
අලිපැටව් හුරතල් පන්සලෙත්
සිංහලේ රකිමින් ත‍්‍රීවිලෙන්
අත්මිදී අපි විල්පත්තුවෙන්

විල්පත්තුවේ….
ගිනිපත්තු වේ….

විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැළක්
ජීවිතේ…….මහ හිස්කමක්
ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්

විල්පත්තුවේ…
ගිනිපත්තු වේ…

වනසතුන් සැරසරයි නගරයේ
මහකැලේ ජාතියත් ඇවිලේ
හන්දියෙත් බෝසතුන් බුදුවේ
විල්පත්තු කැපි කැපී කොටවේ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!