Gossip

වැරදුනේ කාටද.. ? අගමැති භාර්යාව සමරු පොත උඩුයටිකුරු කර බැලුවේ ඇයි.. ? කවුරුත් නොදන්න ඇත්තම කතාව මෙන්න

ගාලු මුවදොර පිටියේදී ඊයේ 70 වැනි නිදහස් දිනය අති උත්කර්ෂවත් අයුරින් සැමරුවා.
මීට පෙර වසරවලදී මෙන්ම මේ සැරෙත් ඇවිත් හිටපු හැම දෙනාටම සමරු පොතක් දීලා තිබුණා.
මේ සමරු පොත නිසා අන්තර්ජාලය පුරාම ඡායාරූපයක් සමඟ ලොකු කලබලයක් ඇතිවුණා.
ඒකට හේතුව තමයි අගමැති භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එම සමරු පොත උඩුයටිකුරු කරලා බලන ඡායාරූපයක් හුවමාරු වීම.
ඒ විදිහටම තවත් කිහිප දෙනෙක්ම පොත උඩුයටිකුරු කර බලන ඡායාරූප පෙලක් අන්තර්ජාලයට එක්වෙලා තිබුණා.
සමහරු කිව්වේ පොත බලන අය වැරදියි කියලයි. තවත් සමහරු කියලා තිබුණේ පොත වැරදියට මුද්‍රණය කරලා කියලයි.
මෙහි ඇත්තම සිද්ධිය ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් නිදහස් උළලේ බලයලත් නිලධාරියෙක් වුණු සජීව විජේවීර මහතා මේ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
සාමාන්‍යයෙන් ලෝකයේ භාෂා දෙකකින් පොතක් මුද්‍රණය කරද්දී භාෂා දෙක උඩු යටිකුරු කරලා හිටින විදියට තමයි මුද්‍රණය කරන්නේ. එතකොට අවශ්‍ය භාෂාවෙන් දෙපැත්තෙන්ම පොත කියවන්න පුළුවන්.
මේ සැරේ නිදහස් උත්සවයට සමරු පොත මුද්‍රණය කරලා තියෙන්නෙත් එහෙම.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී භාෂා 3 න් මුද්‍රණය කරලා තියෙනවා.
මුල් කවර 2 ක් එක්ක. සිංහල සහ ඉංග්‍රීසි දෙපැත්තටත් දෙමළ කොටස මැදට හිටින විදියටත් තමයි පොත මුද්‍රණය කළේ.
කවුරු හරි එ් පොතේ සිංහල කොටස කියවද්දී බලන් ඉන්න කෙනාට පේන්නේ ඉංග්‍රීසි පොතක් උඩුයටිකුරු කරලා කියවනවා වගේ.
ඉංග්‍රීසි කොටස කියවද්දී බලන් ඉන්න කෙනාට පේන්නේ සිංහල පොතක් උඩුයටිකුරු කරලා කියවනවා වගේ.
වෙනදට සිංහල සහ දෙමල දෙපැත්තට දානවා. මැද ඉංග්‍රීසි. හැබැයි මේ පාර එඩ්වර්ඩ් කුමාරයා ආව නිසා සිංහල සහ ඉංග්‍රීසි භාෂා කොටස් දෙක සමරු පොතේ දෙපැත්තට දාලා.
ඉතිං අගමැති ආර්යාව ඉංග්‍රීසි කොටස කියවනකොට එලියට පෙන්නේ සිංහල පොතක් අනිත් පැත්තට වගේ.
කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව අන්තර්ජාලය පුරා විවිධ චෝදනා කරපු අයට කියන්න තියෙන්නේ ඕනම දෙයක් හොයලා බලලා කතා කළානම් හොඳයි කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!