හොලිවුඩ්

සරාගී කෙල්ල වෙන්න සනී ලියොන් හා ජැකලින් අතර තියුණු තරඟයක්

cvr

රෙඩ්ෆ්’ වෙබ් අඩවිය විසින් සංවිධානය කළ සරාගිතම අයිටම් බොලිවුඩ් නිළිය තේරීමේ තරගයේදී මේ වන විට ඉදිරියට පැමිණීමට සනී ලියොන් හා ශ්‍රී ලංකා රූප රාජිනී ජැකලින් ෆර්නැන්ඩස් සමත් වෙලා තිබෙනවා.

ප්‍රකාෂිත අන්තර්ජාල පාඨක ඡන්ද අතරින් සියයට 20ක ප්‍රමාණයක් හිමිව ඇත්තේ සනී ලියොන්ට වන අතර, සියයට 19ක ප්‍රමාණයක් ජැකලින්ට හිමි වී තිබෙනවා.

මෙම තරගයට එක්ව ඇති අනෙකුත් සරාගිතම අයිටම් බොලිවුඩ් නිළියන් අතර පරිනීති චොප්රා, අනුස්කා ෂර්මා, දිපීකා පදුකෝන්, අයිශ්වර්යා රායි, කරීනා කපූර් ඛාන්, මලේයිකා අරෝරා ඛාන්, ලීසා හේඩින්, ආලියා භාට්, සෝනම් කපූර්, සොනක්ෂි සින්හා, කත්‍රිනා කයිෆ්, ප්‍රියංකා චොප්රා, බිෂාපා බාසුද සිටියි.

කෙසේ වෙතත්, මේ වනවිට ලැබී ඇති පාඨක ඡන්ද අතරින් සෝනම් හා අනුෂ්කා දෙදෙනාට කිසිදු ඡන්දයක් ලැබී නොමැතිවීමද විශේෂත්වයකි.

සනී හා ජැකලින්ට පසුව සියයට 13ක ඡන්ද ප්‍රතිශතයක් කත්‍රිනාටද, සියයට 10ක ඡන්ද ප්‍රතිශතයක් අයිශ්වර්යාටද ලැබී තිබෙනවා.

සනී ‘‍හේට් ස්ටෝරි’‍ තුන්වැනි චිත්‍රපටයේ ඇතුළත් ‘පින්ක් ලිෆ්ස්’ ගීතයද, ජැකලින් ‘ඩිෂුම්’‍ චිත්‍රපටයේ ‘‍බිට් ෆි බුට්’‍ ගීතය තුළිනුත් මෙම තරගයට ඇතුළත්ව සිටියි.

cvr

1 2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!