හොලිවුඩ්

ඔලිම්පික් තරඟය මැද එක්වුණු සමලිංගික ආදරයක්

ඔලිම්පික් තරගාවලිය අතරතුර සිදුවු අපුරු සිදුවීමක් විදෙස් මාධ්‍ය හෙළිකර තිබෙනවා.

ඔලිම්පික් තරගාවලියේදී ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම රග්බි තරගයක රන් පදක්කම දිනා ගැනීමත් සමගයි මෙම අපුර්ව සිදුවීම වාර්තාවී ඇත්තේ.

එනම් ක්‍රීඩාංගණයේ කළමණාකාරවරියක් ලෙසට කටයුතු කරන තරුණියක් බ්‍රසීල කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවකට විවාහ යෝජනාවක් ගෙන ඒමයි.

බ්‍රසීල ක්‍රීඩිකාව ද අදාළ යෝජනාව පිළිගෙන ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

28 හැවිරිදි ක්‍රීඩාංගණ කළමණාකාරවරිය මයික්‍රෆෝනයක් ලබාගෙන හැගීම්බර කථාවක් ද පවත්වා තිබෙනවා.

අනතුරුවයි ඇය බ්‍රසීල ක්‍රීඩිකාවට විවාහ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

සංචිතයේ තම සිත්ගත් තරුණිය සිටින බව දැනගත් වහාම මෙම යෝජනාව විශේෂිත ආකාරයෙන් ගෙන ඒමට සිත්වු බව ක්‍රීඩාංගණ කළමණාකාරවරිය ප්‍රකාශකර තිබෙනවා.

රග්බි ක්‍රීඩිකාවන් විශේෂිත වන අතර ඔවුන් මෙම යෝජනා ඉහළින් පිළිගන්නා බවට තමා දන්නා බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔලිම්පික් තරගාවලිය අවසන් වුව ද තම දිවියේ නව පරිච්ඡේදයක් ආරම්භ වන බව ක්‍රීඩාංගණ කළමණාකාරවරිය ප්‍රකාශකර තිබෙනවා

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!