හොලිවුඩ්

ලෝකයාගෙන් වසාගෙන සිටි කොදෙව් පිලේ හැඟුම්බර කතාව

chris-gayle-

 

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද ඔවුන් ආ ගමන පිටුපස ඇත්තේ සංවේදී කථාවක්.

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇති ගැටුම මෙතෙක් අවසන් නොවීම ඒ අතරින් ප‍‍්‍රධානයි.

මෙම ගැටුම හටගෙන තිබුණේ ක‍්‍රීඩකයින්ට ලබාදෙන ගාස්තු මුල්කර ගනිිමින්.

අර්බුදය උග‍‍්‍ර වී තිබූ අවස්ථාවේ කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය වරෙක තීරණය කර තිබුණේ වෙනත් කණ්ඩායමක් මෙම තරගාවලියට යොමු කිරීමටයි.

බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සාමි පවසන්නේ මෙතරම් ජයග‍‍්‍රහණ ලැබුවද පැවති ගැටලූ මෙතෙක් නිරාකරණ වී නොමැති බවයි.

තමන් මෙම ජයග‍‍්‍රහණ ලබාගන්නේ එම අර්බුද ඉදිරියේ තබාගෙන බවද ඔහු ප‍‍්‍රකාශ කර තිබෙනවා. තම කණ්ඩායම ලැබුණු ගෞරවයද හීන වී තිබූ බවයි කොදෙව් නායකයන් පැවසුවේ.

අනෙක් රටවල් ලෝක කුසලානය අභිමුව තරග රැුසකට ක‍්‍රීඩා කළ ද තම කණ්ඩායමට මේ වසරේදී කිසිදු පන්දුවාර විස්ස තරගයකට ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද ඩැරන් සාමි සිහිපත් කරනවා.

මෙවර තරගාවලියට තමන් පැමිණියේ ක‍්‍රීඩකයින් 14 දෙනා සහ සහය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහයෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් ප‍‍්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම අර්බුද මධ්‍යයේ වුවද මෙවර තරගාවලියේදී කොදෙව් ජාතික පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබද්දී කොදෙව් කාන්තා කණ්ඩායම ද පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුුදුසුකම් ලබාගත්තා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!