Gossip

“මම සිසිටීවී කැමරාවකට පේන්න අමාරුවෙන් අතක් ඉස්සුවේ ඒක බලලා හරි කවුරුහරි මාව බේර ගනී කියලා” වැල්ලවත්තේ බිල්ඩිමට යට වී දිවි බේරා ගත් මිනිසුන්ගේ මාරාන්තික අත්දැකීම

“මම පහත මාලයේ වැලි පටවමින් හිටියේ. එක පාරටම අකුණක් වැදුනා වගේ සද්දයක් ආවා. එලියට දුවන්න හදනකොටම මොකද්ද ලොකු දෙයක් මගේ ඔලුවට කඩා වැටුනා”

මෙලෙස ප්‍රකාශකර තිබෙන්නේ ඊයේ වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩාවැටීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ඩී. එන් වීරකෝන් නැමැත්තායි.

ඔහු මෙලෙසද ප්‍රකාශ කර තිබෙනවා.

“මම මේ ගොඩනැගිල්ලේ කම්කරුවෙක් විදිහට සේවය කරනවා. තේ බීලා වැඩ පටන් ගත්තාමයි අනතුර වුන්නේ. සිහිය එනකොට මම හිටියේ සුන්බුන් අතර හිර වෙලා. අත පය හොල්ලන්න වත් බෑ. පලාතම දුවිල්ලෙන් වැහිලා. මාව බේරගත්තට පස්සේ රෝහලට ගෙනාවා.”

සිද්ධියෙන් තුවල ලැබූ චමිල ප්‍රසාද් නැමැත්තෙකුද රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

” සිද්ධිය වෙනකොට මම හිටියේ ගොඩනැගිල්ලේ ඉහළ මාලයක. එක පාරටම බිල්ඩිම දෙදරන්න ගත්තා. ඊට පස්සේ කඩා වැටුනා. කට්ටියක් දිවුවා. ඒත් මාව යට වුනා. මගේ කකුලක් යට වුනා කොන්ක්‍රීට් තට්ටුවකට. හමුදාවයි පොලිසියයි මාව බේර ගත්තා. ”

සිද්ධියෙන් තුවාල ලැබූ නිෆාස් අහමඩ් නැමැත්තාද මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

” මම වැඩකරන්නේ පහළ තට්ටුවේ ලොන්ඩ්‍රි මැෂිමක. එකපාරටම ලොකු සද්දයක් එක්ක පොළව හෙල්ලුනා. මට ඊට පස්සේ මුකුත් මතක නෑ. මම ලොන්ඩ්‍රි මැෂිමට යට වුනා. බේර ගන්න කියලා කෑ ගැහුවා. ඒත් කාටවත් ඇහුනෙ නෑ. මම සිසිටීවී කැමරාවක් දැක්කා. මම ඒකට පේන්න අමාරුවෙන් අතක් ඉස්සුවා. එතකොට ඒක බලලා හරි කවුරුහරි මාව බේර ගනී කියලා. පස්සේ මම ආයෙත් කෑ ගැහුවා. ඊට පස්සේ ඒක ඇහුන හමුදාවේ මහත්තුරු මාව බේර ගත්තා. ආමි එකේ පොලීසියේ එස්ටීඑෆ් එකේ එයාර් ෆෝස් එකේ මහත්තුරුන්ට අපි ණය ගැති.. එයාලා නැත්තම් අපි ඉවරයි යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!