Gossip

තවත් ඛේදවාචකයක්..ජීවිත පහක් අහිමි වෙයි. 12 කට තුවාල.. අද උදෑසන සිදුවූ අවාසනාවන්ත සිද්ධිය මෙන්න – වීඩියෝ

මඩකළපුව-පොලොන්නරුව මාර්ගලයේ , වැලිකන්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
අද (19) අළුයම 01.45ට පමණ අනතුර සිදුව ඇති බව සදහන්.
මරදන්කඩවල – තිරික්කොන්ඩියාඩිමඩු මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදී අනතුර සිදුව තිබුණා.
වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක එම දිශාවටම ගමන් කළ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 12 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
මියගිය පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව පොලිසිය පැවසුවේය.
මියගිය පිරිස වැලිකන්ද- බෝවත්ත ප්‍රදේශයේ පදංචිකරුවන් බව පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!