Gossip

හදවතක් නොමැතිව ජීවත්විය හැකි දිනය අතළඟයි.. ලොවම කළඹමින් හදවතක් නොමැතිව මිනිසෙකු ජීවත් කරවීමේ සැත්කම සාර්ථක වෙයි – වීඩියෝ

කෘතීම හදවතක් හරහා මිනිසෙකු ජිවත් කරවීමේ නවීන ක්‍රමයක් සොයාගැනීමට ඇමරිකානු ටෙක්සාස් ප්‍රාන්තයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සමත්ව තිබෙනවා.
ඇමරිකාවේ ජිවත්වන වයස අවුරුදු 55ක පුද්ගලයෙක් වන Craig Lewis නැමැත්තාට “amyloidosis” නම් දරුණු හදවත් රෝගයක් වැළඳී තිබෙනවා.
ඉන් පසුව ඔහු ටෙක්සාස් ප්‍රාන්තයේ හදවත් ආයතනයට ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළු වුණා.
එහිදී වෛදවරුන්ගේ තීරණය කර තිබුණේ ඔහු ඉතා දුර්ලභ ගණයේ හදවත් රෝගයකින් ඔහු පෙළෙන බවයි.
ඒ අසාමාන්‍ය ලෙස හදවත ආශ්‍රිතව වැඩිපුර ප්‍රෝටීන් නිපදවීමේ තත්වයක්.
අවසානයේදී වෛද්‍යවරුන්ගේ තීරණය කර තිබුණේ මුළු හදවතම ඔහුගේ ශරීරයෙන් ඉවත්කර LVDA (Left Ventricular Assist Device) නම් උපකරණයක අධාරයෙන් ඔහුගේ ජීවිතය බේරාගත හැකි බවයි.
මෙම උපකරණය මීට පෙර අත්හදා බලා තිබුණේ සතුන් යොදා ගනිමින් වුවත්, ප්‍රථම වරට මෙම පුද්ගලයා හරහා අත්හදා බැලීමට වෛද්‍යවරුන් තීරණය කළා.
ඔහුගේ වාසනාවකට මේ වන විට වෛද්‍යවරුන්ගේ තීරණය නිවැරදි වී තිබෙනවා.
අදාළ උපකරණය හරහා හදවතක් නොමැතිව Craig Lewis ව ජිවත් කරවීමට හැකිව තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!