තරු හුට පට

මනාළිය හැඬීමෙන් නවසීලන්ත මඟුලක් උඩු යටිකුරු වුණ හැටි – (වීඩියෝ)

නවසීලන්ත  යුවළකගේ මංගල උත්සවය අතරතුරදී මනාලයාගේ මිතුරන් පිරිසක් විසින් ඉදිරිපත් කළ නර්තනයක් නිසා මනමාලියගේ දෑස් කඳුළින් තෙමී යන දර්ශනයක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා.

මෙම නර්තනයට අනූව එය එරට සාම්ප‍්‍රදායික හකා නැමැති නර්තනය ලෙස සැලකෙයි. විවාහ මඟුල උත්සවයේදී මනාලයාගේ මිතුරන් මෙම නර්තනය ඉදිරිපත් කරද්දී එහි සිටින සියලුදෙනාගේ දෑස් ඒ වෙත යොමුවෙනවා. නවසීලන්ත කණ්ඩායම රග්බි ලෝක කුසලානය අතරතුරදීත් මෙම නර්තනය ඉදිරිපත් කළා මතක ඇති.

මෙම හකා නර්තනය නවසීලන්තයේ 18 වැනි සියවසේ  ජීවත් වූ ගෝති‍්‍රක කණ්ඩායමක නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. එහි මුල් හිමිකරුවන් මෞර ජන කොට්ඨාසයට අයත් බවත්, යුගදිවියට ගිය මනාලයාද මෞර ජන කොට්ඨාසයෙන් පැවත එ‍න්නෙක් බවත් කියැවෙනවා.

කොහොම හරි මෙම හකා නර්තනය නිසා මනමාලියගේ දෑසට කඳුළු ඒම නම් කාටවත් වළක්වන්න බැරිවුණා.  මනාලිය නර්තනය ගැන කියා තිබුණේ එය තම ස්වාමියාට කෙරුණු ගෞරවයක් ලෙස සලකන බවයි.

 


1
    4 5 6 7 82

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!