තරු හුට පට

සෙල්ලමට ශීතකරණයක සැඟවුණු ළමුන් පස්දෙ‍නෙක් මැරිලා

vllkyt2lgh705it3rg.d27e8cfc20
සෙල්ලමට අධිශීතකරණයක් තුළට රිංගා ගත් දරුවන් පස්දෙනෙකු හුස්ම හිරවීමෙන් මියගොස් තිබෙනවා. අධිශීතකරණයට දරුවන් ඇතුළු වීමෙන් පසුව ස්වයංකී‍්‍රයව එහි දොර වැසී ඇති අතර ඔවුන් හුස්ම හිරවීම නිසා මරණයට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කකාමස් නැමැති දකුණු අපි‍්‍රකාවේ ගම්බද ප්‍රදේශයකින් වන අතර මියගොස් ඇත්තේ අවුරුදු 3 සහ 5 වයස්වල දරුවන් පස්දෙනෙක්.

දරුවන් පස්දෙනාම මියගොස් ඇත්තේ අත්හැරදමා තිබූ අධිශීතකරණයට රිංගා ගැනීමෙන් බවත් විදෙස් වාර්තා පවසනවා. කාන්දම් බලයෙන් වැසෙන ස්වයංකී‍්‍රය දොරක් සහිත මේ අධිශිතකරණය පිටතින් පමණක් විවෘත කළ හැකි බව කියැවෙනවා. ඔවුන්ගේ මිත්තණිය විසින් මෙම අත්හරින ලද අධිශීතකරණය විවෘත කරද්දී ඒ වන විටත් ඔවුන්ගේ සිරුරු ගල් ගැසී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!