Gossip

පොල්පිතිගම මඟුලක් අවමඟුලකින් කෙළවර වෙයි – කාන්තාවක් එළොව යයි, පුතා සහ දියණිය ලෙඩ ඇඳට

මඟුල් ගෙදරක ඇති වු  ආරවුලක් දුර දිග යෑමෙන්  කාන්තාවක් මිය ගොස් දෙදනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොල්පිතිගම- පොතුවිල මඩහපොලයාය ප්‍රදේශයේ දී පෙරේදා (15) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම වී සිදුව තිබුණා..

සිද්දියෙන් මියගොස් ඇත්තේ ඩී.ජී. ප්‍රේමාවති නැමති 57 හැවිරිදි කාන්තාවකි. තුවාල ලබා බරපතල තත්ත්වයෙන් පසු වන්නේ ඇගේ පුතා වන ඩී.ජී.සමන් කුමාර ( 28) හා දියණිය වන නිල්මිණි (38) යන අයයි.

මඟුල්ගෙදරදී කිසියම් කරුණක් සම්බන්ධයෙන් මොවුන් තිදෙනා අසල්වැසියන් සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර මඟුල් ගෙදර අවසන් වී නැවත ත්‍රිරෝද රථයකින් මොවුන් නිවස බලා එන විට මඟ රැක සිටි පිරිසක් පොලුවලින් හා තියුණු අවිආයුධ වලින් පහරදී මෙම අපරාධය සිදු කර  තිබුණා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන පුතා හා දියණිය කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබයි

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!