Gossip

“Wagon R රථයක් ලක්ෂ දෙකහමාරකින් වැඩිවෙනවා.. Axio සහ Aqua ලක්ෂ 6 ක් වැඩිවෙනවා.. CHR ලක්ෂ 7 කින්..” – නව අයවැයෙන් වාහනවල මිල වෙනස් වෙන හැටි මෙන්න

2019 අයවැය ඊයේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා.
මෙහි වැඩිදෙනෙකුගේ අවධානය යොමුවුණේ වාහනවල මිල ගණන් වෙනස් වීම පිළිබඳවයි.
2019 අයවැයෙන් වාහනවල සිදුවන වෙනස ගැන දැනගන්න අපි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත්ක මෙරෙන්චිගේ මහතාට කතා කළා.

2019 අයවැයෙන් වාහන බදු ගොඩක් වැඩි කරලා තියෙනවා.
වැගන්ආර් රථයක් ලක්ෂ දෙකහමාරකින්, ඇල්ටෝ එකක් ලක්ෂ එකහමාරකින්, ඇක්සියෝ ,ඇක්වා වගේ කාර් එකක් ලක්ෂ 6 කිනුත්, CHR වගේ පසුගිය කාලේ වැඩියෙන් ආපු කාර් ඒකක් ලක්ෂ 7කින් වගේ වැඩිවෙනවා.
මේ සැරේ බදු වෙනස් කරලා තියෙනවා.
රේගු බදදට ට අමතරව සුඛෝපභෝගී බද්දක් හදුන්වා දීලා තියෙනවා. ඒක ගන්නේ රේගුවෙන්මයි..
මේක වැරදි දෙයක් කියන්න බෑ.. ඒක රජය ගත්ත හොඳ ප්‍රතිපත්තියක්.
මම හිතන්නේ මේ සම්බන්ධයෙන් දැනට රේගුව මුදල් අමාත්‍යාශයෙන් උපදෙස් ලබමින් සිටිනවා.
ලංකාවේ ඉදිරියේදී හයිබ්‍රිඩි කියන සංකල්පය වියැකී යනවා.
ඉලෙක්ට්‍රික් වාහනවලට සහනයක් දීලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!