Gossip

මිනිත්තු 15 න් සැතපුම් 300 ක් -Volkswagen ඉලෙක්ට්‍රික් කාරය එළිදකියි

cvr

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පැරිස් මෝටර් ෂෝ හිදී වොක්ස්වැගන් හි 2019 නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වන බව, වොක්ස්වැගන් සභාපති Herbert Diess පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ ජර්මානු සඟරාවක් වන WirstschaftWoche සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

වාර්තා වන අන්දමට මිනිත්තු 15 ක ආරෝපණයකින් සැතපුම් 300 ක ධාවනයක් ලබා දීමට මෙම නවතම වොක්ස්වැගන් ඉලෙක්ට්‍රික් කාරය සමත්වේ.

වොක්ස්වැගන් සභාපතිවරයා පවසන්නේ මෙම ඉලෙක්ට්‍රික් මෝටර් රථය සාමාන්‍ය වොක්ස්වැගන් ගොල්ෆ් රථයක ප්‍රමාණය ගන්නා බවයි. මෙය 2018 අගභාගයේ දී හෝ 2019 මුල භාගයේ දී වෙළෙඳපොළට එක්වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෝටර් රථය සම්ප්‍රදායික ඉන්ධන දහනය කරන කාර් රථයකට වඩා මිලෙන් අඩු වනු ඇති බව වොක්ස්වැගන් සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනය 2016 ඔක්තෝබර් 01 සිට 16 දක්වා පැවැත්වීමට නියමිතය.

http://biz.adaderana.lk/

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!