Gossip

ඩිල්ෂාන් තම ආදරණීය ප්‍රේක්ෂකයන් වෙත පැමිණ සමුගැනීම සනිටුහන් කළ හැටි

ලොව බිහිවූ අග්‍රගන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ටී.එම්.ඩිල්ෂාන්ගේ එක්දින පිටියෙන් සමුගැනීම ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදුවුණා.

අති විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් දඹුල්ල ක්‍රීඩාංගණයට මෙලෙසින් රැස්ව සිටියේ ටී.එම්.ඩිල්ෂාන්ගේ සමුගැනීමේ අවස්ථාවේ කොටස්කරුවන් වීමටයි.
සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කරන්නට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඩිල්ෂාන් පිවිසෙද්දී ඔහුගේ ක්‍රිකට් සගයන් උපහාර දැක්වීමක්ද සිදුකළා.

අවසන් ජාත්‍යන්තර තරගයේදීත් සිය වගකීම් කොටස මැනවින් ඉටුකළ ඩිල්ෂාන්, චන්දිමාල් සමග එක්ව ඉනිම ගොඩනැගීම ආරම්භ කළා.

ඒ තුන්වන කඩුල්ලට ලකුණු 73 ක සබඳතාවක් එක්කරමින්.

ලකුණු 42 ක් ලබා සිටියදී ඇඩම් සම්පා යැවූ පන්දුවක් මිඩ්විකට් කලාපයට ඉහළින් එල්ල කරන්නට යාමේදී ඩිල්ෂාන් දැවී ගියේ ජෝර්ජ් බෙයිලි අතට උඩ පන්දුවක් ලබාදෙමින්.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට තිත තැබූ මේ විශිෂ්ඨ ගණයේ ක්‍රීඩකයා දඹුල්ල ක්‍රීඩාංගණයෙන් නික්ම ගියේ රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ට සිය අවසන් උත්තමාචාරය පිරිනමමින්.

තම ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයාගේ සමුගැනීමේ තරගය සියැසින් දැකගන්න පැමිණි ක්‍රීඩාලෝලීන් ගස් මතපවා නැග කලකට පසු මෙලෙස තරගයක් නරඹන අයුරු ඊයේ දඹුල්ල පිටියේ දකින්න ලැබුණා.

තවද තම ආදරණීය ප්‍රේක්ෂකයන් වෙත ගොස් ඩිල්ෂාන්ගේ සමුගැනීම සනිටුහන් කළ ආකාරයද කාගේත් ආදරයට ලක්ව තිබුණා.

එම අවස්ථා කැමරා කාචයේ සටහන් වී තිබුණේ මෙලෙසින්.

1 2 3 4 5 6 7 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!