Gossip

කෝලි ශතකයන්වලින් වාර්තා තියද්දි අපේ රටේ නමට අවමානයක් ගෙන ආ වාර්තාවකින් ඉන්දියාව දිනපු හැටි

ඉන්දීය කණ්ඩායම සමඟින් ඊයේ (3) පැවති තරඟයත් පරාජය වීම සමඟින් තරඟාවලිය 5-0 ලෙසින් ජය ගැනීමට ඉන්දිය පිල සමත් වුණා. මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා පිල පන්දුවෙන් මෙන්ම පිතිකරණයෙන්ද දැක්වූ අඩු දක්ෂතා මෙම පරාජයට හේතු වූ බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙම තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලී නොදැවි ලකුණු 110ක් රැස් කිරීමට සමත්වුණු අතර ඒ ඔහුගේ 30ස් වන ජාත්‍යන්තර එක්දින ශතකයද වනවා.

මීට අමතරව 2017 වස‍ර තුල එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමටද කෝලී සමත් වුණු අතර මෙම ශතකය කෝලි විසින්
ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ සිය අටවෙනි එක්දින ශතකයද වනවා.

එක් ක්‍රීඩකයෙක් , එකම ප්‍රථිවාදී කණ්ඩායමකට එරෙහිව රැස් කළ වැඩිම ශතක වාර්තාවේ දෙවන ස්ථානය ලෙසද ශ්‍රී ලංකාවට එරෙහිව අටවෙනි එක්දින ශතකය වාර්තා කළ කෝලීගේ ශතකය වාර්තා අතරට එක්වුණා. එමෙන්ම ශ්‍රී ලංකා පිලක් සිය මව්බිමදී තරඟ 5-0 ලෙසින් පරාජයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසින්ද වාර්තා අතරට එක්ව තිබීම විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!