Gossip

ඩිල්ෂාන් මුණවීර අපේ පවුලට ඥාතීත්වයක් තියෙනවා – ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමඟ පෙමින් බැදුනු කතාව ගැන විනූ සිරිවර්ධන හෙළි කරයි

පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය නිළියක් තමයි විනූ සිරිවර්ධන.
ඇය ශ්‍රී ලංකා රූ රැජින කිරුළ දිනාගෙන රංගන ක්ෂේත්‍රයට පිවිසුණා.
ඇය ගැන ලොකු කතාබහක් පසුගිය දවස්වල ඇතිකළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් තිබූ බව කියන කතාව නිසා.
මේ ගැනත් ඇයගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට විනූ කියලා තිබුණා.

ක‍්‍රිකට් තරුවක් සමග විවාහ වෙන්න යනවාය කියන කතාව මොකක්ද?

ක‍්‍රිකට් තරුවක් සමග කිසිම සම්බන්ධයක් නම් නැහැ. ඒත් අපේ පවුලට ඥාතීත්වයක් ඇති ක‍්‍රිකට් තරු කීපයක් නම් සිටිනවා.

කියමුකො කවුද කියලා ඒ අය?

අර්ජුන අපේ අම්මගෙ පවුලේ ඈත ඥාතීත්වයක් තියෙනවා. ඒ වගේම චරිත් සේනානායක, තිලාන් සමරවීර, ඩිල්ෂාන් මුණවීර අපේ පවුලට ඥාතීත්වයක් තියෙනවා.

එතකොට මේ ක‍්‍රිකටර් කෙනෙක් එක්ක විවාහ වෙන්න යන කතාව බොරුවක්?

අපෝ ඔව්, එහෙම දෙයක් ගැන හිතලාවත් නැහැ.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආසත් නැද්ද?

ක‍්‍රීඩාවක් විදියට ක‍්‍රිකට්වලට කැමතියි. ඒත් මම ලොකු ක‍්‍රිකට් රසිකාවියක් නම් නෙවෙයි.

ඔබ ආසා ක‍්‍රීඩා මොනවද?

පාසල් කාලයේදී මේස පන්දු, බාස්කට් බෝල්, නෙට් බෝල් ක‍්‍රීඩා කළා. ඊට අමතරව තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව සහ ශිෂ්‍ය නායිකාවකුත් වුණා. චිත‍්‍ර වලට බොහොම දක්ෂ වුණා. නර්තනයටත් දක්ෂ වුණා. ඒ අංශ දෙකෙන්ම සමස්ත ලංකා ජයග‍්‍රහණ පවා ලැබුවා.

ඒ දක්ෂ ශිෂ්‍යාව ඇයි රඟපාන්න ආවේ?

පාසල් කාලයේදී රංගනය ගැන හිතලාවත් තිබුණෙ නැහැ. මම උසස් පෙළට කළේ වාණිජ විෂයට අදාළවයි. බැංකු ක්ෂේත‍්‍රයේ රැුකියාවක් කිරීම තමයි අරමුණ වුණේ. නමුත් ඒ වන විට අවුරුදු කුමරිය තරග වලට පෙනී සිට ජයග‍්‍රහණත් ලබලා තියෙනවා. යාළුවෝ වගේම තාත්තාත්, අයියත් මට රූ රැුජිණ තරගයකට අයදුම් කරන්න කීවා. ඒ නිසා තමයි එදා දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගයට අයදුම් කළේ. එය ජයග‍්‍රහණය කළාම ‘තරුමලි’ නාට්‍යයේ රඟපෑමට දෙරණ ආරාධනා කළා. ඒත් අම්මා ගුරුවරියක වූ නිසා ඒ වෙලාවේ කොහොමටවත් ඒකට ඉඩ දුන්නෙ නැහැ. ඒ වෙලාවේ තාත්තා සහ මගෙ අයියා එකතුවෙලා මාව ඒ වෙනුවෙන් උනන්දු කළා. ඒ විදියට අහම්බයකින් තමයි රංගනය පටන් ගත්තෙ.

 

නංගිත් අක්කා වගේ රඟපාන්න ඒවිද?

මම හිතන්නෙ නැහැ. එයා ගිය අවුරුද්දෙ උසස් පෙළ කළේ. දැන් භාෂා අංශයෙන් ඉගෙන ගන්නවා. මේ දිනවල ජපන් බස ප‍්‍රගුණ කරනව.

පෙම්වතා ක‍්‍රිකටර් කෙනෙක් නෙවෙයි නම් පෙම්වතා කවුද?

අවශ්‍ය වෙලාව ආවාම කියන්නම්.

විනු දේශපාලන ක්ෂේත‍්‍රයටත් කැමතියි කියලා ආරංචියි?

දේශපාලනයට දැනට කැමති නැහැ. නමුත් අපේ තාත්තාගේ පවුලේ අය දේශපාලනයට සම්බන්ධ වුණා. තාත්තාත් දේශපාලන කටයුතුවල යෙදුණා.

ගෙදරදි ඉවුම් පිහුම් වලටත් හරි දක්ෂලූ නේද?

අම්මා උයද්දි අම්මාට උදව් කරනවා. අලූත් ආහාර වට්ටෝරු අත්හදා බලන්න ආසයි. හැබැයි වැඩිපුරම මම කරන්නෙ අතුරුපසට පැණි රස කෑමක් හදන එකයි.

විනුගෙන් අතුරු පසට වට්ටෝරුවක් දුන්නොත්?

මම කියන්නම් බිස්කට් ෆුඩිං හදන හැටි. අවශ්‍ය දේ මාරි බිස්කට්, කිරි සහ අයිසින් හදාගන්න කොකෝ පවුඩර්, අයිසින් ෂුගර් සහ බටර්. මේ මිශ‍්‍රණය එකතු කරලා බිස්කට් එකිනෙක අතර තවරා තට්ටුවකට හදාගන්න. බිස්කට් කිරිවල පොඟවලා තමයි ගන්න ඕනෑ. ඉන්පසුව මේ සාදාගත් බිස්කට් තට්ටු ශීතකරණය තබා මද වේලාවකට පසුව අතුරුපසට ගන්න. හරිම රසවත්.

විනු ඉදිරි අරමුණු ගැනත් කිව්වොත්?

ඇඳුම් නිර්මාණය පිළිබඳව මගේ ලොකු කැමැත්තක් තිබෙන්නෙ. දැන් ඒ ගැන සැලකිලිමත් වෙනවා. මගේම නිර්මාණ විලාසිතා ආයතනයක් ආරම්භ කිරීම තමයි අරමුණ.

ලංකාවේ වත්මන් ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය ගැන කොහොමද හිතන්නෙ?

වෙනස් නිර්මාණ බිහිවීමේ අඩුවක් තියෙන්නෙ. ඒ නිසා වෙලාවකට ඒකාකාරී රටාවක් ගන්නවා. නමුත් මෑතකදී හරි වෙනස් නිර්මාණ දැකගන්න ලැබුණා. වෙනස්ම නිර්මාණ බිහි කළ යුතුයි කියලා තමයි මම හිතන්නෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!