Gossip

වයස්ගත වීමේදී ප්‍රේමයේ අරුත තවත් අරුත්බරව දැනෙනවා – වික්ටර් රත්නායක ලන්ඩන් ගිහින් තරුණ බිරිඳගේ ගුණ වයයි

ප්‍රේමයෙන් තොර ජීවිතයක් නොමැති බව ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා පවසා තිබෙනවා.

සංගීත ප්‍රසංගයකට සහභාගි වීම පිණිස ලන්ඩන් නුවරට පිටත්ව ගිය ඔහු ඒ බව සඳහන් කළේ බීබීසී සිංහල වෙබ් අඩවිය සමග සජීවී සංවාදයකට සහභාගි වෙමින්.

“බොහෝ දෙනාට මේක වටහා ගැනීමේ ශක්තිය අඩු ද මම දන්නේ නෑ, වයස්ගත වීමේදී ප්‍රේමයේ අරුත තවත් අරුත් බරව දැනෙනවා,” ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

“ඒ වගේම ප්‍රේමය, ආදරය, සෙනෙහස, කරුණාව, දයාව මේ සියලු දේ බලාපොරොත්තු වෙන්නෙත් වියපත් වීමේදී බවත් දෙවන විවාහයත් සමග ඔහුගේ තරුණ බිරිඳ ඉතාම හොදින් ඔහුව තේරුම් ගත් බවත් ඔහුද ඇයව තේරුම් ගෙන ජීවත්වන බවත් වික්ටර් රත්නායක මහතා කියා තිබෙනවා.

අනුකරණවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සංගීත ක්ෂේත්‍රය තුළ නවක පරපුර හැසිරෙන අකාරය පිළිබඳව දැඩි කනගාටුවක් දැනෙන බවත් ඔහු කියා සිටිනවා

තමන් එදා ගුවන් විදුලියේ කටහඬ පරීක්ෂණයේදී තමන්ගේම තනුවක් ගායනා කළ නමුත් නවක පරපුරේ බොහෝ ගායක, ගායිකාවන් නව නිර්මාණවලට යොමු නොවීම ඔහුගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර “අනුන්ගේ ගීතයක් ගයන තුරාවට ඔහුට ශිල්පියෙක් වෙන්න බැහැ. ඔහු ආධුනිකයෙක් පමණයි.” යනුවෙන්ද ප්‍රකාශ කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!