Gossip

දැන් මා පෙම්වතෙකි…ඔබ මෙන්ම පෙම්වතෙකි… වික්ටර් රත්නායක චෝදනාවලට පිළිතුරු දෙයි

අද ලංකාවේ බොහෝ සමාජජාලා වල ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ලංකාවේ කීර්තිමත් සංගීතඥයෙකු වූ වික්ටර් රත්නායකයන්.

මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහතා අදහස් දක්වා තිබෙනවා.

“මාව මේ රටේ මිනිස්සු අඳුර ගත්තේ සංගීත වේදියෙකු ලෙසයි. මම ඔවුන්ට සෑමවිටම සාධාරණය ඉටු කරලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මොහොතක් හෝ සතුටට පත් කර තියෙනවා. ඒ කියන්නේ මම සහ රසිකයන් අතර තියෙන සම්බන්ධකමට කිසිවිටෙක අසාධාරණයක් කරලා නැහැ.නමුත් සමහර සමාජ මාධ්‍ය ඔස්සේ මේ ප්‍රසිද්ධියේදී මගේ පෞද්ගලිකත්වයට සීමාව ඉක්මවා මැදිහත් වනවා.
දෙවන කාරණය මෙවැනි සිද්ධියකට හේතු පාදක වූ කරුණු ගැන කිසිත් නොදැන මාව විවේචනය කිරීමයි.ගොඩක් අයට ගැටලුව වී තියෙන්නේ මගේ වයස සහ ඇයගේ වයස අතර පවතින පරතරයයි. මට අහන්න තියෙන්නේ ලංකාවේ මෙවැනි විවාහයන් සිදුවෙලාම නැද්ද? මේක පළමු අවස්ථාවද?… මෙතැනදී මම ප්‍රසිද්ධ නිසා මෙය මේ තරම් උලුප්පනවා. මගේ බිරිඳ වියෝවෙලා වසර 13ක් වෙනවා. මම එයා ඉන්න කාලේ , එයාව අතහැරලා විවාහයක් කරගත්තනම් එක වරදක්…..නමුත් මම එහෙම කරලා නැහැ.ඕනෑම සත්වයෙක්ට ආදරය කරුණාව අවශ්‍යයි….එකට වයස, ජාති , කුල, මල, සීමා නැහැ……මිනිසුන්ට මාව විවේචනය කරන්න අයිතියක් තියෙනවා. ඒ ඔවුන් සහ මා අතර පවතින සංගීතය පිළිබඳව කාරණයේදී… එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය, දරුවන් ගැන අලලා විවේචන ඉදිරිපත් කිරීම ගැන මම කනගාටු වෙනවා.

ඔය සදාචාරය, සංස්කෘතිය ගැන කතා කරන අයට කියන්න තියෙන්නේ කරුණා කරලා ලංකාවේ ළමා අපචාර, මත්ද්‍රව්‍ය, ජනතාව රවටන දේශපාලනය, කාන්තා හිංසනය,ඇතුළු රට වනසන දේ ගැන කෑ ගහන්න. නැතුව මිනිහෙක්ගේ අතිශය පෞද්ගලික කාරනා ගැන මොරදීල ෆේස්බුක් එකේ වීරයන් වෙන්න එපා.මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගන්න බැරි මිනිසුන්ට මේක ලොකු මාතෘකාවක් වුනාට බුද්ධිමත් රසිකයන් මේ ගැන මධ්‍යස්ථව හිතන බව මම දන්නවා. මගේ පෞද්ගලිකත්වය විවේචනය නොකර මගේ සංගීතය විවේචනය කරන්න.

එමෙන්ම ඔහු නමින් ඇති ෆේස්බුක් ගිණුමකට ද මේ සම්බන්ධව සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන පහතින්.

eeeee

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!