Gossip

සියල්ල උඩුයටිකුරු කරමින් ලොව පළමු ශිෂ්ණ හා වෘෂණ බද්ධය සිදුකළ හැටි මෙන්න – වීඩියෝ

ලොව පළමු වරට මියගිය පරිත්‍යාගශීලියෙකුගේ ශිෂ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටස් බද්ධකිරීමක් සාර්ථක කරගත් පුවතක් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සැත්කම සිදුකර තිබුණේ ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුටයි.
අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින්.
එම වෛද්‍ය කණ්ඩායම පවසන්නේ ශිශ්නය යළි සැකසීමකින් ලැබීමට අසීරු, ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමට අදාළ සෙබළාට හැකිවනු ඇති බවයි.
මාර්තු 26 වෙනිදා අවයව බද්ධය කෙරුණු අතර එකොළොස් දෙනෙකුගෙන් සැදුම් ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට ඒ සඳහා පැය 14 ට අධික කාලයක් ගතවී තිබෙනවා.
මෙවැනි සැත්කමක් සිදුකළ පළමු අවස්ථාව මෙය බවයි.
අචාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ.
සිය නම හෙළි කිරීමට අකමැති අදාළ සෙබළා සඳහන් කර තිබුණේ “මුලින් මම අවදිවෙද්දී, මම ඉතාම සාමාන්‍යයි කියල දැනුණා” යනුවෙනි.
ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ විශේෂඥයින් අපේක්ෂා කරන්නේ සැත්කමට ලක්වූ සෙබළා මාස හයත්, දොළහත් අතර පූර්ණ සුවය ලබනු ඇති බවටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!