Gossip

බඩට වේලක් නොකා මගෙ මඟ මේතරම් දුර හැදුවානම්, කොච්චරක් සතුටුයිද අම්මේ අනේ නුඹ අද හිටියනං – Photos

අපිට දකින්න ලැබෙන සමහර දේවල් පිටුපස ගොඩක් සංවේදී කතා සැඟවිලා තියෙනවා.
ඒ විදිහේ ඡායාරූපයක් ගැන මුහුණුපොතෙන් අපිට හමුවුණා.
එහි දිස්වෙන්නේ දියණියක් තම පියාද සමඟින් මෙලොව හැරගිය මවගේ ඡායාරූපයක් අතදරා ඡායාරූපයකට පෙනී සිටින අයුරුයි.
උපාධියක් ලබාගත් මොහොතේ එම සතුට බෙදාගැනීමට මව නොමැති වුවත් තමන් ආ මඟට ශක්තියක් වූ ඒ අහිමි සෙනෙහස කියාපාන මේ සංවේදී ඡායාරූපය හිතට දැනෙන නිසාම ඔබට ගෙන එන්න අපි හිතුවා.

එම ඡායාරූපය හා ඒ වෙනුුවෙන් ලියවුණු පන්හිදක් පහතින්..

කට්ට කාගෙන ඉගෙන ගත්තෙමි
කකුල් දෙක වතුරේ ඔබං
කන්න හරිහැටි නැතිවුනත් බඩ
සමච්චල්කල හැටියත් දරං
අම්මා අප්පා නොවිඳිනා දුක්
වින්ඳ හැටි මහමෙර තරං
ගමට ආවෙමි හෙටක් උදෙසා
උපාධිය තුරුලට අරං

හිනා විතරක් මගේ මුවගේ
අනේ රැඳිලා තිබුනානං
කවරදාවත් කඳුලු එන්නෑ 
අම්මේ අද නුබ උන්නානං
බඩට වේලක් නොකා මගෙ මග
මේතරම් දුර හැදුවානං
කොච්චරක් සතුටුයිද අම්මේ
අනේ නුබ අද හිටියානං

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!