Gossip

ජීවිතේට කවුරු කොහොම ආවත් මොන දේවල් ලැබුණත් හැමදාම මගේ එකම අවශ්‍යතාව එයා – අනුරාධා එදිරිසිංහ

නව පරපුරේ රංගන ශිල්පීන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ.
ඉතිං අලුත් අලුත් නිර්මාණවලින් කරළියට එන අනුරාධා ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

කොහොමද ජීවිතේ? මොනවද මේ දවස්වල කරන වැඩකටයුතු?
අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවලුත් එක්ක ජීවිතේ ගෙවනවා.

පැහැසරා ටෙලි නාට්‍යය හරහා ඔබ වඩාත් හොඳින් ප්‍රේක්ෂකයින් අතරට ගියා නේද?
ලැබෙන ප්‍රතිචාරවල නම් කිසිම අඩුවක් නෑ. ලොකු ‍පොඩි භේදයකින් තොරව හැමෝගෙම ප්‍රතිචාර මට ලැබෙනවා.

ඔබගේ සිවිල් පරිසරයත් එක්ක කොහොමද ඔබට රංගනයට අවස්ථාව ලැබෙන්නේ?
මුලින්ම අවුරුදු 13 දී තමයි මම රංගනයට පිවිසෙන්නේ.
මගේ තාත්තා ‍පොලිස් නිලධාරියකු ලෙසයි කටයුතු කළේ. ඒ වාතාවරණයත් එක්ක ඔහු මුලින්ම කැමැත්ත දෙන්නේ නෑ කලාවට යොමුවෙන්න. අධ්‍යාපන කටයුතුවලට හානියක් වෙනවට ඔහු කැමැති වුණේ නෑ. ඉගෙනීම් කටයුතු අවසන් වෙනවත් සමග අහම්බයක් හැටියටයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. මුලින්ම ඊ ඛිධථථඥපජඪචත එකක් හරහා තාත්තගේ කැමැත්තත් එක්ක මම කලා ක්‍ෂේත්‍රයට පිවිසෙනවා.

ඔබ ඔබේ ජීවිතේ දැවැන්ත චරිතයක් වූ තාත්තා පිළිබඳ නිතර කතා කරනවා. ඔහුව කොහොමද ඔබට දැනෙන්නේ?
ජීවිතේ මට කතා කරන්න තරම් ඉතුරු වෙලා දෙයක් තියෙනවා නම් ඒ මගේ තාත්තා.
මේ වෙනකොට ඔහු අපි අතරින් සමුගෙන අවුරුද්දක් විතර වෙනවා. ජීවිතේට කවුරු කොහොම ආවත් මොන දේවල් ලැබුණත් හැමදාම මගේ එකම අවශ්‍යතාව මගේ තාත්තා.
ජීවිතේ ලැබුණු ලොකුම නොලැබිමත් ඔහු අප අතරින් සමුගැනීම. ඒ වගේම මගේ අම්මා තාත්තා නැති අඩුව දැනෙන්න නොදී හැමදාම අපිට ශක්තියක් වෙනවා. නමුත් තාත්තා නැති අඩුව නම් පුරවන්න කාටවත්ම පුළුවන් වෙන එකක් නෑ.

ඔබගේ සමකාලීනයන් අතුරින් ඔබට අභියෝගයක් තියෙන කෙනෙක් නම් කරන්න කීවොත් කාවද නම් කරන්න පුළුවන්?
තාම මම මේ ක්‍ෂේත්‍රයට නවකයෙක්. එතැනදී මට ඇත්තටම අභියෝග බලා‍පොරොත්තු වෙන්න බෑ.
දිනෙන් දින නවකයෝ බිහි වෙනවා. ඒ වගේම ඔවුන් විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමු වෙනවා. ඒ ඒ ක්‍ෂේත්‍රයන් හරහා ඔවුන් දක්ෂතාව වර්ධනය කරගන්නවා. ඉතින් තවම මම නවකයෙක් වීම නිසා ඔවුන්ට අභියෝගයක් කියලා හිතන්න අමාරුයි.

රංගනය, නිරූපණය හැරුණම ඔබ දක්ෂ වෙනත් ක්‍ෂේත්‍ර මොනවද?
මම ඉගෙන ගතක්තේ නීතිය පැත්තෙන්. මගේ හීනය වුණේ ලෝයර් කෙනෙක් වීම.
මගේ තාත්තාගේ හීනය වුණේ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න. ඒ වගේම ‍පොඩි කා‍ලේ ඉඳන්ම රූපලාවන්‍යයට මං කැමැතියි. මට ලැබුණෙත් තෑගි හැටියට මේකප් සෙට් තමයි.
මගේ රූපය ගැන මට අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. ඉතින් අධ්‍යයනයකින් තොරව මට හැකියාවක් තියෙනවා නම් ඒ රූපලාවණ්‍යය.

රූපය පිළිබඳ කෙතරම් දුරට ඔබ සැලකිලිමත්ද?
විශේෂ ලොකු සැලකිල්ලක් නම් නෑ. නමුත් කෑමබිම නම් පාලනයක් තියෙනවා. නැත්නම් අනවශ්‍ය විදියට ශරීරය මහත් වෙනවා.
ඒ නිසා කෑමබිම අතරතුර කැරට් ජූස් වගේ දේවල් තුළින් ශරීරය පවත්වාගෙන යනවා. ඒ හැරුණාම විශේෂ දේවල් කරලා ලස්සනක් මම බලා‍පොරොත්තු වෙන්නේ නෑ.

තරුණියක් ලෙස විලාසිතා කෙරෙහි ඔබගේ උනන්දුව මොනවගේද?
ගොඩක්ම සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක් හැටියට අනවශ්‍ය විලාසිතා නම් මං ළඟ නැහැ. විශේෂ උත්සව අවස්ථාවක් නම් ඉන්දියන් විදියට සැරෙසන්න මං කැමැතියි.
නැතිනම් මං ගොඩක්ම කැමැති ගවුම් විලාසිතාවලට තමයි. සරල විලාසිතාවලින් සැරසෙන්නයි මං ගොඩක්ම කැමැති.

සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද?
සිනමා දෙකකට සහභාගි වුණා. එහි එක් නිර්මාණයක් සනත් ගුණතිලක මහතාගේ මංගල තෑග්ග චිත්‍රපටය. අවුරින් ‍පොකුණ එහි දෙවැනි කොටස. එය ඩයලොග් සමාගමේ ඒනනතඪජචබඪධද එකක් හරහා බලන්න ඉඩ සලසලා තියෙනවා. ඊට අමතරව මව්චක්‍ර නමින් නිර්මාණයකට සහභාගි වුණා. ඉදිරියේ දී ඒ තුළිනුත් මාව දැකගන්න අවස්ථාව ලැබෙයි.

ආදරය සහ විවාහය ගැන තියෙන බලා‍පොරොත්තු මොනවද?
තාත්තා මට අහිමි වීමත් එක්ක ජීවිතේ ලොකු බලා‍පොරොත්තු මට නෑ. ‍පොඩි කා‍ලේ ඉඳන්ම මට අනවශ්‍ය විදියේ ලොකු ලොකු බලා‍පොරොත්තු තිබිලා නෑ. දැනට අම්මයි, අයියයි එක්ක සතුටින් ජීවත් වෙනවා. කාලයත් එක්ක විවාහයත් අනාගතයේ දී සිද්ධ වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!