Gossip

රථ වාහන දඩ පත්‍රිකාව වෙනස්වෙයි – අලුත් එක සුදානම්!

සංශෝධනය කරන ලද රථ වාහන වැරදි සඳහා වන දඩ පත්‍රිකාව මේ වන විට කෙටුම්පත් කර අවසන් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි

අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේ එම කෙටුම්පත පෞද්ගලික බස් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබද සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අදාළ මණ්ඩලය ලබන 09 වනදා රැස්වීමට නියමිතය

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාල මුදල් අමාත්‍යංශ ලේකම්වරයාල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාල  රථවාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාල නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් අංශයේ නිලධාරියෙකුගෙන් අදාළ මණ්ඩලය සමන්විත වෙයි

එම මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කරන ලද සංශෝධිත දඩ පත්‍රිකාව පෞද්ගලික බස් හා ත්‍රිරෝද රථ සංගම් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවසී ය

අදාළ සංගම්වල මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට  ගනිමින් සංශෝධිත දඩ පත්‍රිකා කෙටුම්පත සකස් කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය

මේ අතර පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති විශේෂ උත්සවයකදී සඳහන් කළේ රථවාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවයි

ඒ සම්බන්ධව මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා දඩය ක්‍රියාත්මක කරන බවද එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යාවශ්‍ය බවද පෙන්වා දුන් පොලිස්‌පතිවරයා හුදෙක්‌ වැරදි කරන අයට මෙම දඩ මුදල ක්‍රියාත්මක කරන බවද නීතිගරුක පිරිසට ඉන් කිසිදු කරදරයක්‌ නොවන බවද කියා සිටියේය

රථවාහන වැරදි කරන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස්‌ නිලධාරීන් කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය

3්‍ර

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!