Gossip

කොරෝනා වෛරසය ගැන මාස 8 කට කළින් අනාවැකිය කියූ 14 හැවිරිදි ළමයාගෙන් තවත් අනාවැකියක් – වීඩියෝ

2019 නොවැම්බරයේ අප ලෝකය පුරා සියලු ජාතීන් තැති ගන්වමින් බිහිසුණු යුද්ධයක් පැතිරෙන බවත්, එය 2020 අප්‍රේල් දක්වා පවතින බවත් කියැවෙන විශ්මිත අනාවැකියක් මෙයින් මාස 8කට 14 හැවිරිදි ඉන්දීය ජාතික ළමයෙකු විසින් පවසන ලදී.
එම ව්‍යසනය උච්චාංශකයට පත්වීම මාර්තු 31 සිදුවන බව යූ ටියුබ් වීඩියෝවක් ඔස්සේ දැනුම් දී තිබු ඔහු, මෙම තත්ත්වය හේතුවෙන් ලෝකයම කර්මණ්‍ය වන බවද පවසා තිබිණි.
මෙම කාල වකවානුව අතරතුර 29 වැනිදා පෘතුවිය මෙම දුෂ්කර තත්වයෙන් ඉවත්වීම ඇරඹෙන බවද, එතැන් සිට ලෝකය නැවතත් යථා තත්ත්වයට පත්වන බවද ඔහුගේ අනාවැකියේ සඳහන් විය.
ආනන්ද් නමැති මෙම සුප්‍රකට ළමයා ගැන ඉන්දීය සඟරා බොහොමයක කලක සිටම වාර්තා පලවී තිබේ. 2013දී ඉන්දියන් ටයිම්ස් විසින් කරනු ලැබූ පරීක්ෂණයකදී ඔහුගේ නක්ෂස්ත්‍රමය දක්ෂතාව උරගා බැලිනි. එකල 7වැනි වියේ පසු වූ ඔහු සතු විෂයානුබද්ධ දැනුම එදා බොහෝ අය මවිත කරලීමට සමත්විය.
මෙම යුද්ධය රාජ්‍යයන් අතර සිදුවන්නක් නොවන බවද ඔහු තරයේ පැවසීය. කොවිඩ් වෛරසය ඔහු හදුන්ව ඇත්තේ ගෝලීය යුද්ධයක් ලෙසටයි. එය වෛරසයක් සහ මානව සංහතිය අතර යුද්ධයකි. කුජ සහ ශනිද, ගුරු,ම චද්‍ර හා රාහු අතර සංයෝග ඇතිවන මාර්තු 31 මෙම සටනේ උච්ච අවස්ථාව බව ආනන්ද් පැවසීය.
මෙම ප්‍රභල ග්‍රහයන් පෙළ ගැස්ම පෘතුවියට දැඩි බලපෑමක් එල්ල කරන බව ඔහුගේ අදහස විය. ජල කාරක චන්ද්‍රයාගේ බලපෑම හේතුවෙන් කිවිසුම් ආදියෙන් ව්‍යාප්ත වන රෝග පැතිරෙන බව ඔහු පෙන්වා දුනි.
ඔහුගේ නක්ෂත්‍රමය පුරෝකථනයන්ට අනුව මැයි 29 දින ඉහත සඳහන් ග්‍රහ රේඛාව බිඳෙයි. එයින් රෝගයේ බලය අඩුවෙයි. වසංගතය කෙමෙන් තුරන්වීම ඉක්බිතිව වාර්තාවන නමුත් ආර්ථික අවගමනය 2021 නොවැම්බරයේ අග දක්වා පැවැත්වෙනු ඇතැයි ඔහු පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!