Gossip

නයෙක් සහ නයි පෙට්ටියක් දෑවැද්දට දුන්නු වව්නියාවේ අපූරු මඟුල – Photos

විවිධ රටවල විවිධ සංස්කෘතීන් විවාහ සැමරීම සිදුකරන්නේ විවිධ සංස්කෘතිකාංගත් එක්ක.
විවාහය කියන්නේ තරුණ හිත්වල දහසක් බලාපොරාත්තු මල් පළගැන්වෙන ජිවිතයේ වැදගත්ම අවස්ථාවක්.
පෙන්ලි සෙස්තාව් යනු තෙළිඟු ජාතික සහෝදර ජනතාව විවාහය හදුන්වන නමක්.
තෙළිඟු ජනතාව ජිවත්වන වවුනියාව නොච්චිකුලම ගම්මානයේ පෙන්ලි සෙස්තාවක් පසුගියදා පැවැත්වුණා.
මසන්නාගේ මල්කාන්තිට වයස අවුරුදු 19 ක්.
ඇය 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර සමග පසුගිය දා පෙන්ලි සේස්තාව් පත්වූයේ තෙළිගු සම්ප්‍රදායික චාරිත්‍රවලට අනුවයි.
පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රඹන් ගසා රැහේ වැඩිහිටියන් විසින් පිළිගත් අතර වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කල මුදු මාරුවක් සිදුකර තිබුණා. මනමාලියගේ ගෙල බැඳෙන්නේ පබළු මාලයක්.
පැරණි සිරිතට අනුව නිවැරැදිවම සිදුවනවානම් මොල් ගස් දෙකක් හරහා දමා ඒමත සිටගෙන සිටින යුවළ ඇඹරූ සුදු හාල් මිශ්‍ර ජලයෙන් නහවා මෙම මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බවයි වැඩිහිටියන් පවසන්නේ.
රත්තරන් මාල බැඳීමක් හෝ මුදු මාරුවක් නොවන බවද ඔහු පවසයි. වර්තමානයේ සමහර දේවල් දුරස්ව ඇති බව පවසන මෙම ගම්මානයෙන් වැඩිහිටියන් තමන්ට පුළුවන් විදියෙන් පාරම්පරික සිරිත් ඉදිරි පරම්පරාවට ගෙන යාමට උත්සව අවස්ථාවල කටයුතු කරන බවද පවසා තිබුණා.
මෙම විවාහයෙන් පසුව පැල්කොටයට මනමාල යුවලට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක් සමග නයි පෙට්ටියකි. ඒ ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මග පාදා දීමේ අරමුණ ඇතිවයි.
මනමාලියගේ මව මසන්නාගේ මසක්කා මහත්මිය පවසන්නේ තමන්ගේ තුන්වන දියණියගේ විවාහ මංගල්ලය ගැන රැහේ හැමෝම සතුටෙන් සිටිනවා සේම සැමගේ ආශිර්වාදයද මෙම යුවළට ලැබුණු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!