Gossip

Valentine’s Day එක සතුටින් සැමරුවාට ඇත්තම කතාව දුකක්

new

ආදරවන්තයන්ගේ දිනය එහෙමත් නැත්නම් Valentine’s Day එක ගැන එක එක කතා කියවෙනවනේ. මේ දිනය ගැන කිව්වොත් ගොඩක් අයට මතක් වෙන්නේ ආදරවන්තයෝ , චොක්ලට්, ලස්සන රෝස මල්, එහෙමත් නැත්නම් සිහිවටන වගේ දේවල්නේ.

හැබැයි ඇත්තටම Valentine’s Day එක ගැන දන්නේ කීයෙන් කී දෙනාද?

මේ දිනයට මූලික වෙලා තියෙන්නේ හැමෝම හිතන තරම් සතුටු හිතෙන කතාවක් නෙවෙයි. ටිකක් දුක හිතෙන කතාවක්.

Valentine’s Day එක වැඩියෙන්ම තියෙන්නේ ක්‍රිස්තියානි ආගමේ පොත්පත් වල.මේ ගැන ගොඩක් කතා තියෙනවා. හැබැයි වැඩියෙන්ම පිළිගන්න කතාවක් තියෙනවා.

ඒ රෝමයේ Claudius II නම් අධිරාජ්‍යවරයෙක් පාලනය ගෙනයන කාලය ඉතා දරුණු සමයක් තිබුණා. ඉතින් එකල හමුදාවේ අයට විවාහ වීම සහ ක්‍රිස්තියානුවන් ආශ්‍රය කිරීම තහනම් කරලා තිබුනේ . මීට හේතුව වුනේ විවාහ වීම හා ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වීම් සොල්දාදුවන් දුර්වල මානසිකත්වයෙන් පෙලබිමට ඉඩ තිබෙන බව නිසාය.

ඉතින් අධිරාජ්‍යවරයා කරලා තියෙන්නේ එකල ඔවුන් විශ්වාස කල දෙවිවරුන් 12 දෙනා නමදින්න කියලයි.

කෙසේවෙතත් වැලන්ටයින් යනු මෙකල විසු රෝමානු පුජකයෙක්. එතුමා නීතිය කෙසේ වෙතත් පුද්ගලයන් විවාහ කිරීම හා ආගමික ඉගැන්වීම් කිරීම සිදුකරලා තියෙනවා.අධිරාජ්‍යවරයා මේ රෝමානු පූජකයා අත්අඩංගුවට ගෙන සිරගත කොට මරණ දඩුවම නියම කරලා තියෙනවා. සිරගතව සිටින විට සිරගෙයි ජේලර්වරයා වූ Asterius මොහුගේ ඉගැන්වීම් ගැන පැහැදීමකට ලක්වෙලා තම අන්ධ දියණිය වූ ජූලියා හටද ඉගැන්වීම් කරන ලෙස කල ඉල්ලීමට අනුව ඇයටද රෝමයේ ඉතිහාසය, සොබාදහම හා ආගම පිලිබදව ඉගැන්වීම් කරලා තිබෙනවා . හාස්කමක් මෙන් ජූලියා හට නැවත පෙනීම ලැබුණු බවද ඉතිහාසයේ සදහන් වෙනවා.

කෙසේ වෙතත් වැලන්ටයින් පියතුමාට පෙබරවාරි 14 වැනි දිනක මරණ දඩුවම ක්‍රියාත්මක වෙලා තියෙනවා. අවසානයේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර එතුමා ජූලිය හට සටහනක් තැබූ අතර එහි අත්සන් කරලා තියෙන්නේ “From your Valentine” කියලයි.

ඉතින් එකල පෙබරවාරි 15 දින සැමරූ Lupercalia නම් රෝමානු උත්සවය වෙනුවට ක්‍රිස්තු වර්ෂ 496 ශාන්ත Gelasius පාප්වහන්සේ විසින් පෙබරවාරි 14 දින ශාන්ත වැලන්ටයින්ගේ දිනය ලෙස නම් කරලා තියෙනවා.

එදා පටන් අද වනතුරු සෙනෙහස, ප්‍රේමය හා භක්තිය පිලිබද පණිවිඩය පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනය ලෙස සමරනවා.

01 02 03 04

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!