Gossip

ලෝක ශූරයාට නැවතත් අවාසනාව හරස් වෙයි – උසේන් බෝල්ට්ට රෝද පුටුවකින් පිටියෙන් ඉවත්වීමට සිදුවෙයි – වීඩියෝ

ලන්ඩනයේ පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගය ඊයේ (12) පැවැත්වුණා.
අවසන් ජාත්‍යන්තර මළල ක්‍රීඩා ඉසව්වට සහභාගි වූ ලෝක ශූර උසේන් බෝල්ට් මීටර් 60 ක් පමණ ධාවනයේ යෙදී සිටියදී පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණේ සියලු බලාපොරොත්තු බොඳ කරමින්.
රෝද පුටුවක් ආධාරයෙන් ඔහුව රැගෙන ගොස් තිබූ අතර මීට පෙර පැවති මීටර් 100 තරඟයෙන්ද ඔහුට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.
මලල ක්‍රීඩා ජීවිත්යට සමුදෙන්න තීරණය කළ උසේන් බෝල්ට් ඔහුගේ දිවියේ අවසන් තරඟයේදී නොසිතූ කරදර කිහිපයකටම මුහුණදීමට සිදුවීම ගැන කාගේත් අවධානය යොමුව තිබෙනවා.
උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් උළෙල තුනකදී මීටර් 100, 200 සහ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම් ජයග්‍රහණය කළ ලොව එකම මළල ක්‍රීඩකයායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!