Gossip

මීගමුවේදී අපරාධ කල්ලිය කොටුකරගත් STF මෙහෙයුම මෙන්න – මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකුත් මාට්ටු – වීඩියෝ

මීගමුව – කුරණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ජීප් රථයකට වෑන් රථ දෙකකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ සවස් කාලයේදීයි.

අනතුරුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් පසුව වෑන් රථ දෙක පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් බාරයට ගෙන තිබුණා.

අදාළ වෑන් රථ දෙකේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ රිවෝල්වරයක් ද සොයාගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

වෙඩි ප්‍රහාරය සිදුකළ සැකකරුවන් සිව්දෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකා‍‍ නිලධාරීන් අත්අඩංගුවට ගැණුනු අතර අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා සීදුව රෝහලෙන් රාගම රෝහලට මාරුකර යවා තිබුණා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් ‍කළේය.

මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ එක් සැකකරුවෙකු වන මධුෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් නමැත්තාගේ සමීපතමයෙකුු බවටද හෙළිවී තිබෙනවා.

අපරාධ කල්ලිය STF මෙහෙයුමකින් කොටුකරගත් හැටි පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!