Gossip

“අපිට ලොකුවට සල්ලි තිබ්බෙ නෑ” – උපුල් චන්දන අද කඩේක වැඩ කරන හැටි

1992 දී සිය ක්‍රිකට් දිවිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙන දඟ පන්දුයවන්නෙකු වූ උපුල් චන්දන මේ වනවිට ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ක්‍රීඩා භාණ්ඩ වෙළදසැලක් ඔහු පවත්වාගෙන යන අතර එය පිහිටා ඇත්තේ Nondescripts ක්‍රීඩා සමාජය අසලයි.

එහි ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ආම්පන්නවලට අමතරව ටෙනිස් වැනි ක්‍රීඩාවන්ටද අවශ්‍ය උපකරණ අලෙවිය සඳහා තබා තිබෙනවා. මෙම වෙළඳසැල ආරම්භ කිරිමේ අදහස කුඩා කළ සිටම උපුල් ගේ සිතේ තිබී ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩා කරන අතර මුහුණදුන් අත්දැකීමක් බවටයි විදෙස් වෙබ් අඩවියකට ඔහු පවසා අත්තේ.

”පොඩි කාලේ මම ගාල්ලේ සෙල්ලම් කරද්දි එක බෝලෙකින් අපි මාසයක් ක්‍රිකට් ගැහුවා, අපිට ලොකුවට සල්ලි තිබ්බේ නෑ වගේම බෝලයක් ගන්න ඒ දවස්වල හරිහමන් කඩයක් තිබුණෙත් නෑ, එකපාරක් මම බෝලේ අතට ගද්දි ඒකට කෑලි දෙකකට කැඩෙන්න ඔන්න මෙන්න වගේ, එදා තමයි මම හිතුවේ කවදා හරි දවසක මම ලොකුවෙලා ක්‍රීඩා භාණ්ඩ තියෙන කඩයක් දානවා කියලා”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!