Gossip

වෛද්‍යවරයෙකුව බලහත්කාරයෙන් ගුවන්යානයෙන් එළියට ඇද දමයි – විදෙස් මාධ්‍ය කැළඹූ වීඩියෝව

මේ දවස්වල අවුරුදු දවස් හින්දම හැමතැනම කාර්යබහුලවෙලා. ඒ වගේම තමයි ගමනාගමන සේවයත් මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.

මේ නිසා ඇතිවන තදබදයෙන් ජනතාවද පීඩා විඳින තත්වයකට පත්වෙලා. ගුවන්යානාවල යන මගීන්ටත් මේ ප්‍රශ්නය ඒ විදියටම දැනිලා තියෙනවා.

ඉතින් යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානයකත් මෙහෙම මගී තදබදයක් ඇතිවුණ නිසා මගීන් කිහිපදෙනෙකුව ඉවත් කිරීමට ගුවන්යානයේ කාර්යමණ්ඩලය තීරණය කරලා තියෙනවා.

මගීන් සිවුදෙනෙකුට ස්වේච්ඡාවෙන් ගුවන්යානයෙන් ඉවත්වන ලෙස කාර්යමණ්ඩලය ඉල්ලීම් කර තිබුණත් කවුරුත් එයට කැමති වී නැහැ.

අනතුරුව ඔවුන් ගුවන්යානයේ සිටි වෛද්‍යවරයෙකුට ඉවත්වන ලෙස කියා ඇතත් එම වෛද්‍යවරයාටද ඉවත් විය නොහැකි බවයි කියා ඇත්තේ.

අනතුරුව ගුවන් තොටුපලේ ආරක්ෂක නිළධාරීන් බලහත්කාරයෙන් එම වෛද්‍යවරයාව ඉවත් කිරීමට කටයුතු කරලා තියෙනවා.

කොහොමවුනත් මේ සිද්ධිය සම්බන්ධයෙන් හැමෝම අතර දැඩි අප්‍රසාදයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!