Gossip

ඔබේ යට ඇඳුමට වසර කීයද ? ඔබේ යට ඇඳුම් ගැන මේ කියන කතාව ඇත්තද ?

පිරිමි පුද්ගලයින් සිය යට ඇඳුම් වසර 20 ක කාලයක් ළඟ තබාගෙන සිටින බව නව මත විමසුමකදී හෙළිව තිබෙනවා.
ඇඟලුම් සමාගමක් වන ටොම් ක්ලින්ච් සමාගම විසින් මෙම මත විමසුම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
බ්‍රිතාන්‍යයේ වෙසෙන පිරිමි පුද්ගලයින් සිය භාවිතය සඳහා යට ඇඳුම් මිලදී ගනු ලබන්නේ වසර 05 කට වරක් පමණක් බවයි එම මත විමසුමේදී වැඩිදුරටත් හෙළිව ඇත්තේ.
සෑම පිරිමි පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට යට ඇඳුම් මිලටදී ගෙන ඇත්තේ ඔවුන්ගේ සහකාරියන් බවයි.
බොහෝ පිරිමි පුද්ගලයින් අධික වටිනාකමකින් යුත් වාහන, ඔරලෝසු, ජංගම දුරකථන මිලදී ගැනීමට පෙළඹී සිටියත් යට ඇඳුම් මිලදී ගැනීමට කටයුතු නොකරන බවට මෙම මත විමසුමේදී හෙළිවූ බවයි මත විමසුම සිදුකළ සමාගමේ ප්‍රධානි නික් ක්ලින්ච් ප්‍රකාශ කර සිටියේ.
කෙසේ වුවත් විශේෂඥයින් සඳහන් කරන්නේ දෛනිකව යට ඇඳුම් සේදීමට ලක් කළත් බැක්ටීරියා වැනි ආසාදන වලින් ආරක්ෂා වීම සඳහා සෑම වසරකට වරක් යට ඇඳුම් මාරු කිරිමට පියවර ගත යුතු බවයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!