Gossip

දේවස්ථානයක ගිලන් පූජකවරයකු බව කියලා බැතිමතුන්ගෙන් මුදල් ගරලා… Easy Cash ක‍්‍රමයෙන් ලක්‍ෂ ගණන් වංචා කළ හොර පූජකයා

මීගමුව බෝලවලාන ප‍්‍රදේශයේ කිතුණු දේවස්ථානයක ගිලන්ව පසුවන පූජකවරයකු බවත් තමාට ප‍්‍රතිකාර ලබා ගැනීමට ආධාර කරන ලෙස දුරකථනයෙන්  බැතිමතුන්ට සහ මහජනයාට ආයාචනාකර ඊසී කෑෂ් ක‍්‍රමයෙන්
රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළ සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයනාත් මහතා විසින් පුළුල් විමර්ශන අරඹා ඇත.

ගිලන්ව පසුවන බව කියන පූජකවරයාට ආධාර වශයෙන්
බැතිමතුන්ගෙන් සහ මහජනයාගෙන් ඊසී කෑෂ් ක‍්‍රමය මත එම වංචනික කල්ලිය විසින් රුපියල් ලක්‍ෂ ගණනාවක් වංචාකර ඇති අතර එම වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇත.

පසුව එම වංචාවන්ට සම්බන්ධ දුරකථන සිම්පත් අංක අධිකරණ නියෝග මත මේ වන විට පොලිසියට ලැබී ඇත. එවැනි දුරකථන සිම්පත් හිමියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දික්ඔය ප‍්‍රදේශයේ පදිංචි එස්. දයාන් නමැත්තෙකි. ඒ පිළිබඳව විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම තැනැත්තා දික්ඔය ප‍්‍රදේශයේ ලොරි රියැදුරකු බවත් ඔහුගේ අදාළ සිම්පත සහිත ජංගම දුරකථන දැනට මාස 1 1/2 කට පමණ පෙර අස්ථානගතව ඇති බවත්ය.

මේ අන්දමින් නැතිවූ දුරකථනවල සිම් කාඞ්පත්  උපයෝගී කර ගනිමින් මෙම කල්ලිය විසින් සංවිධානාත්මකව මෙම ජාවාරම කලක පටන් පවත්වාගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත. වැඩිදුර පරීක්‍ෂණය පැවැත්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!