Gossip

නිරෝධායන කතාවට උමාරියාගෙන් සැර උත්තරයක්….

‘‘මන්ද පමා’’ ගීතය ජනප‍්‍රියම කාලේ තමයි, උමාරියා ප‍්‍රංශයට යන්නේ. ඒ අතිශය පුද්ගලික කාරණාවක් හින්දා? කොහොම හරි උමාරියා ආපසු ලංකාවට ඇවිත් නිරෝධායනය වුණේ නැහැ කියලා සමාජ මාධ්‍යවල හරි හරියට පළවුණා. සමාජ මාධ්‍යවල පළවුණ කතා ඇත්තක්ද? ඇයි සමාජ මාධ්‍ය මගින් උමාරියාට එහෙම කළේ. ඒ කතා සියල්ලටම උත්තර මේ කතාව ඇතුළේ තියෙනවා.

 උමාරියා කවදාද ලංකාවට ආවේ?

ලංකාවට ආවේ සැප්තැම්බර් 25 වැනිදා. දවස් 14 ක් නිරෝධායනයේ යෙදුණා මීගමුවේ දී. දැන් මම ගෙදර දවස් 14 ක් ස්වයං නිරෝධායනයේ යෙදෙනවා.

 විදෙස්ගත වෙලා කොච්චර කාලයකට පස්සෙද ලංකාවට ආවේ?

මට හදිසියේම ලංකාවෙන් යන්න සිද්ධ වුණා. මාස දෙකකට විතර පස්සේ තමයි නැවත ලංකාවට ආවේ.

 උමාරියා නිරෝධායනය වෙලා නැහැ කියලා සමාජ මාධ්‍යවල පළ වුණා. මොකද ඒ ගැන හිතන්නේ?

ඉතිං කියන්න තියෙන්නේ විස්තර නොදැන තමයි, මේ අය කතා කරන්නේ. මම කොහොමටත් නීති කඩ කරන්න කැමැති නැති චරිතයක්. මම හිතන්නේ මුලින්ම විස්තර දැනගෙන තමයි කතා කරන්න ඕනෑ. ලංකාවේ කොහොමත් මොනවා හරි ප‍්‍රශ්නයක් ඇති කරලා ඒකෙන් වින්දනයක් ලබන පිරිසක් තමයි ජීවත් වෙන්නේ. මම ඇත්තටම නීති කඩ කරන්න කැමැති නැති චරිතක්. මම ජේට්වින් බ්ලූ හෝටලයේ තමයි, නිරෝධායනයේ යෙදුණේ. කට්ටියට තොරතුරු දැනගන්න වුවමනා නම් ගුවන්තොටුපළට හෝ ජේට්වින් හෝටලයට කතා කරලා තොරතුරු දැන ගන්න පුළුවන්.

 කට කතාවලට සැලෙනවාද?

කට කතාවලට මම සැලෙන්නේ නැහැ. අනික මම වැරදි දෙයක් කරලා නැහැ. ලංකාවේ ඉන්න අනෙක් මිනිස්සු වගේම මමත් මනුස්සයෙක්. මම හරියට නීති පිළිපැදලා ඉන්නේ.

 ඔබේ ජනප‍්‍රියත්වය දරා ගන්න බැරිව කට්ටිය ගොතන කතාද මේවා?

ඇත්තටම මට හරි සතුටුයි මම ගැන හොයලා බලපු එකට. අපිට ප‍්‍රශ්න දැනටමත් ඇති වෙන්න තියෙනවා. ඕනෑම දෙයක් හොයලා බලලා තමයි, කතාබහ කරන්න ඕනෑ. ලංකාවේ මිනිස්සු කාගෙහරි වැරැද්දක් ඇතත් නැතත් ඒක අල්ලාගෙන කතා කරන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. මම නීතියට ගරු කරලා නීතියට අනුව කටයුතු කළා. මම කැමැති නැහැ මම හින්දා තව මනුස්සයෙකුට ප‍්‍රශ්නයක් ඇති වෙනවාට. එහෙම කළොත් හරි අසාධාරණයි. මම වැරැද්දක් කරලා නැති හින්දා ඔය දේවල් මම ගණන් ගන්නේ නැහැ. ජනප‍්‍රිය හින්දා වෙන්න ඇති මේ වගේ දේවල් වෙන්නේ. නමුත් මම හිතන්නේ ඒක අනවශ්‍ය දෙයක් කියලයි. අපිට ඇති වෙන්න ප‍්‍රශ්න තියෙනවා. ඒවා

විසඳගන්න එක තමයි අපි කරන්න ඕනෑ.

 උමාරියා ලංකාවෙන් යන්නේ මන්ද පමා ගීතය ජනප‍්‍රියම කාලේ ඇයි මේ හදිසියේම ලංකාවෙන් ගියේ?

නැහැ. එහෙම නැහැ. මම ගීතය නිකුත් කළා. සමාජ මාධ්‍යයේ ඒ ගැන ලොකු කතාබහක් ඇති වුණා. මහත්තයා අසනීප නිසා මට ප‍්‍රංශයට යන්නම සිද්ධ වුණා. මම සති දෙකකින් එන්න හිතාගෙන තමයි ගියේ. නමුත් ආපසු ලංකාවට එන්න ලොකු ගේම් එකක් ගැහුවා.

කොරෝනා ප‍්‍රශ්නය නිසා අපිට ප‍්‍රශ්න ගොඩක් ආවා. මම මාස හයක් හතක් මගේ සැමියාව දැක්කේ නැහැ. එයත් මාව දැක්කේ නැහැ. අනික එයා අසනීප වෙලා හිටියා. ඒක මට ලොකු අවදානමක්, එයා දන්නේ නැහැ. මම එනවා කියලා නමුත් මම ගියා. කොහොමටත් මම එහේ පොඞ්ඩක් හිරවෙලා හිටියේ.

 සැමියාව ලංකාවට එක්කගෙන ආවේ නැද්ද?

මේ සැරේ නැහැ එහෙත් ලොක් ඩවුන් එක තිබුණ හින්දා එයාගේ වැඩකටයුතු ගොඩක් අතපසු වෙලා තිබුණා. මෙදාපාර ආවේ නැහැ. හැබැයි ළගදීම ලංකාවට එයි.

 උමාරියාගේ අලූත් වැඩ කටයුතු?

ඇත්තටම මම ලංකාවට ආවට පස්සේ ලොකු බලාපොරොත්තුවෙන් හිටියේ ප‍්‍රමෛා්ට් කරන්න. මේ ඇතිවුණ දෙවැනි රැල්ලත් එක්ක සංගීත කටයුතු පොඞ්ඩක් අඩපණ වෙලයි තියෙන්නේ. ඉදිරි සති දෙක ඇතුළත මගේ අලූත්ම ගීතය එළිදක්වන්නයි හිතාගෙන ඉන්නේ. ඒ ගීතයේ රූප රචනාව පවා රූගත කරලයි ප‍්‍රංශයට ගියෙත්.

 මේ වගේ කාලයක ඇයි මේ එක ළග ගීත එළිදක්වන්නේ අපරාධයක් නේද?

අපරාධයක් නෙමෙයි. මම හිතන්නේ කලාකරුවන් හැටියට අපි නිර්මාණ එළිදැක්විය යුතුයි. අනික මගේ ගොඩක් නිර්මාණ යුග ගායනා. ඒ වගේම චිත‍්‍රපට පසුබිම් ගීත ඒ නිසා මම කල්පනා කළා මගේම ගීත කිහිපයක් එළිදක්වන්න මන්ද පමා හොඳටම හිට් වුණා. මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. ඒ ගීතයට ඒ වගේ පිළිගැනීමක් ලබාදීපු එකට මම ස්තුතිවන්ත වෙනවා.

දිනේෂ් විතාන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!