Gossip

හොඳම නිළිය සම්මානය අරන් වේදිකාවේදී උමාලි, සාරංගට කියපු දේ මෙන්න – වීඩියෝ

13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුණ රඟහලේදී.

මෙම සම්මාන උළෙලේ 2016 වසරේ විශිෂ්ඨතම නිළිය සම්මානය උමාලි තිලකරත්නට හිමිවුණා.

එම සම්මානය ලබාගැනීමට වේදිකාවට උමාලි පැමිණියේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් මොහොතකයි.

ඒකට හේතුවුණේ එම අවස්ථාවේ සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරයි.

පසුගිය කාලය පුරාම පුවත් මැවූ චරිත දෙකක් වුණු සාරංග සහ උමාලිගේ විවාහය දෙදරා ගිය බවට මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා.

උමාලි විශිෂ්ඨතම නිළිය සම්මානය ලබාගත් පසු සාරංග ගැනත් සිය සතුට පලකළා.

සතුටු කඳුලු පිරි දෙනෙතින් උමාලි සිය අදහස් පලකළේ මෙලෙසින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!