Gossip

මම පොඩි කාලේ ඉඳන් ආසයි කොටට අඳින්න – රංගන ශිල්පී තරූ බෝගොඩ රට අතහැර යයිද..? – Exclusive

පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු චරිතයක් තමයි තරූ බෝගොඩ.
විවිධ පුවත් නිසා කරළියට ආපු තරූගේ අලුත්ම විස්තර ගැන හොයලා බලන්න වෙබ් ගොසිප් අපි හිතුවා.

තාරු මොනවද අලුත් විස්තර..?
මේ දවස්වල රූගත කිරීම් කිහිපයකටම සහභාගී වෙනවා.

ළඟදි විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද..?
ලබන අවුරුද්ද වෙනකොට විවාහ වෙනවා කියන තීරණය අරගෙන තියෙනවා.

ඒ කියන්නේ තාරු දැන් පෙම්වතියක්..?
විවාහ යෝජනාවක් ඇවිත් තියෙනවා. දැන් හැම දෙයකින්ම ඈත් වෙලා හොඳ පවුල් ජීවිතයක් අරන් ගියොත් හොඳයි කියලයි හිතෙන්නේ.

ඒ ආදරවන්තයා ගැන විස්තර ටිකක් කිව්වොත්…?
ඒ ගැන පස්සේ විස්තර කියන්නම්..

තරූ ජීවිතේ ගැන කලකිරිලද ඉන්නේ..?
ඔව් සමහරක් වෙලාවට කලකිරෙනවා.
බැදීම් වැඩි වෙන්න වෙන්න අපේ දුක ළගට ගන්නවා කියලා හිතෙනවා.

එහෙම වෙන්න හේතුව මොකක්ද..?
විශේෂ හේතුවක් කියන්න බෑ.
ඒත් ජීවිතේ කියන්නේ ලොකු තරගයක්.
මැරෙන ටිකටනේ මේ හැමදේම බදාගන්නේ කියලා හිතෙනවා.

කොටට අදින්නේ ආකර්ශනය දිනාගන්නද..?
මම පොඩි කාලේ ඉඳන් ආසයි කොටට අදින්න.
එහෙම නැතිව ආකර්ශනයක් නිසා නෙවෙයි.

ගොසිප් ගැන මොකද හිතන්නේ..?
ගොසිප් නිසා සමහර වෙලාවට මිනිස්සු සෑහෙන්න අසරණ වෙනවා.
ඒ ගැන කලකිරීමක් තියෙන්නේ.

ඉදිරි බලාපොරොත්තු මොනවද..?
රංගනය පැත්තෙන් දෙයක් කරලා විදේශ රටකට පදිංචියට යන්න තමා මගේ බලාපොරොත්තුව.

අද රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නනම් ලිංගික අල්ලස් දෙන්න ඕනේ කියලා මතයක් තියෙනවා..ඇත්තද ඒක..?
අපේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි අද ළමයෙක් ඉස්කෝලෙකට දාන්න ගියොත් ඒත් මේ ප්‍රශ්නේ තියෙනවා.
ඒවගේ මිනිස්සු හැමතැනම ඉන්නවා.
ඒත් ඉදිරියට යන්න බෑ කියන එක සම්පූර්ණ බොරුවක්.
හැකියාව තමා ප්‍රධාන දේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!