Gossip

“පණටත් වඩා ඔබ ආදරේ කරන අය ඔබව හැර යාවි” උදාරිගේ සහ සංගීත්ගේ ප්‍රේමය දෙදරා යයි..?

උදාරි කෞශල්‍යා උදයකුමාර් සහ සංගීත් සතරසිංහ කියන්නේ හැමෝම දන්න හැමෝගෙම ආදරය දිනාගත්තු රංගන ශිල්පීන් දෙදෙනෙක්.
පුංචි තිරයේදී පෙම්වතුන් වූ උදාරි සහ සංගීත් මීට කාලයකට කලින් ඔවුන්ගේම කැදැල්ලකට එකතු වුණා.
පසුව ඔවුන් කාලයක් ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේත් ජීවත් වුණා.
මේ ආදර කතාව දෙදරීමකට ලක්වෙලා තියෙනවා කියලා දැන් හැමතැනම වගේ වාර්තා වෙනවා.
ඔවුන් දෙදෙනා දෙතැනක සිය ජීවිත ගමන ගෙනියන බවත් සඳහන් වෙනවා.
කොහොම වුණත් මේ ගැන දැනගන්න අපි උදාරිව සම්බන්ධ කරගන්න හැදුවත් ඒක සාර්ථක වුණේ නෑ.
උදාරි පසුගිය දවස්වල සිය මුහුණුපොතේ අමුතුම සටහන් කිහිපයකුත් තබලා තිබුණා.
ඒ ගැන රසිකයින් අතර ලොකු කතාබහක් ඇතිකර තිබෙනවා.
එම සටහන් පහතින්..

පණටත් වඩා ඔබ ආදරේ කරන අය ඔබව හැර යාවි…
කරන්නට තියා හිතන්නටවත් නොහැකි බොරු වැරදි ඔබේ කර පිටින් යාවි…
අවංකකම අහිංසකකම සත්‍යවාදිබව හැම තැනකදීම ඔබව දුර්වල කරාවි…
බහුතරය වැරදි කරන ලෝකයේ ඔබව පහත හෙළිය හැකි පුංචි අවස්ථාවේදී ඔවුන් සියල්ලෝ එක්වී ඔබව බිමට ඇද දමාවි…
මීටත් වඩා අනන්ත අප්‍රමාණ බාධා ඔබ විඩාවට පත් කරාවි…
නමුත්…
විශ්වාස කරන්න ඔබ නිවැරදි නම් ඒ කිසිවක් ඔබ අදාළ කරගත යුතු නැති බව!
විශ්වාස කරන්න ඔබට මේ ලෝකේ වෙනත් තැනක නැවත අලුතින් පටන් ගත හැකි බව!
විශ්වාස කරන්න ඔබව ඔබ ලෙසින් බාරගන්නට කවුරුන් හෝ මෙලොව ජිවත් වන බව!
මතක තබා ගන්න,
ජීවිතය යනු ප්‍රශ්න හමුවේ සදහටම නිසොල්මන් වීම නොව… ප්‍රශ්න වලට උත්තර හොයමින් හුස්ම ගැනීමයි!
දිනෙක ඔබේ වටිනාකම ඔබටම දැනේවි ඒ වෙනකන් ජීවිත බර දරාගන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!