Gossip

මම ටෙනිසන් කුරේගේ අනුකරණයක් හෝ කොපියක් නොවේ – ටෝනි බෝයි

හාස්‍ය රංගනයෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ශිල්පීන් රැසක්‌ අද වන විට බිහි වී ඇත. එ් අතරින් ටෝනි බෝයි නම් රංගන ශිල්පියා අද බෙහෙවින් ජනප්‍රියතාවට පත් වී ඇත. ඔහු පවසන්නේ කිසිදු විටෙක මොනතරම් හාස්‍ය රංගනය තුළින් ජනප්‍රිය වුවත් ඕනෑම චරිතයකට පණ පෙවීමේ හැකියාව තමන් සතු බවයි. පුරා වසර විස්‌සකටත් අධික කාලයක සිට රංගනය තුළින් තම හැකියා දක්‌ෂතාව මැනවින් ප්‍රගුණ කළ ඔහු, සිනමාව, මෙන්ම රූපවාහිනියෙන්ද හාස්‍යමය මෙන්ම අනිකුත් විවිධ චරිත තුළින් රංගනයට දායක වී ඇති බවයි.

තමන් අධ්‍යාපනය ලැබූ පාසල වූ මොරටුව ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේ සිටම සහජමය රංගන හැකියාව තුළින් පාසල් වේදිකාවේද, මොරටුව කඩලාන ක්‍රිස්‌තුරාජ, දෙව්මැඳුරෙන්ද පැවැත් වූ විවිධ නාට්‍ය උත්සවවලට ද රංගනයෙන් දායකවූ මොහුට පාසල් කාලයේදී ම මායම්කාරයෝ නාට්‍යයේ කටයුතු කිරීමට අවස්‌ථාව හිමිවන්නේය. එමෙන්ම 1999 වසරේදී සූරිය අමරසේකර මුණ ගැසීමත් සමඟ ඇතිවූ දැන හැඳුනුම්කමත් සමඟින් එA මහතාගේ ලාරෝස නාට්‍යයට දායකවීමට අවස්‌ථාව උදාවූ බවයි.

ප්‍රහසන හෙවත් හාස්‍යමය රංගන කලාවේ දැවැන්ත ජනප්‍රියතම රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා රංගනයෙන් දායකවන නාට්‍ය රැසකම අධ්‍යක්‌ෂවරයා වන්නේ සූරිය අමරසේකර ය. ඔහුගේ කැප්ටන් කූල් , කුරුල්ලා, මෑන්දමෑන්, අයැම් ශ්‍රී ලංකා වැනි නාට්‍යවලද රංගන දායකත්වය ලබදීමට ටෝනි බෝයි රංගන වේදියාට හැකිවිය.

ටෝනි යනු ටෙනිසන් කුරේගේ තවත් අනුකරණයක්‌ හෝ කොපියක්‌ නොවන බවද තමන් ටෝනි බෝයි බවද කියයි. කෙසේ වුවත් තමන් ටෙනිසන් කුරේගේ අනුකරණයක්‌ නොවී ටෝනි බෝයි ලෙස තමන්ටම ආවේණික අනන්‍යතාවක්‌ ගොඩ නඟාගෙන එය තමන් රඟන චරිත තුළින් මැනවින් පිළිඹිබු වන අයුරින් කටයුතු සිදුකර ගෙන යන බවද සඳහන් කරයි.

එමෙන්ම තමන්ව රෝහණ ඩී.ප්‍රනාන්දු විසින් සොකරි නාඩගම ඔස්‌සේ වේදිකාවට ගෙන ආ බවත් අදවන විට වේදිකා නාට්‍ය තිස්‌පහක පමණ රංගනයෙන් දායක වී ඇතැයි ද මේදින වල අලුතින්ම වේදිකා නාට්‍යයක්‌ කිරීමට සැලසුම් කරගෙන යන බවත් එය ප්‍රේක්‌ෂක ජනතාවට අමුතුම අත්දැකීමක්‌, වෙනසක්‌ මෙන්ම සතුට ආස්‌වාදය හා ආදර්ශයක්‌ ගෙන දෙන්නක්‌ බවට පත්වනු නිසැක යෑයි ද පවසයි. එම නාට්‍යයේ තේමාව වන්නේ ඇයි අපි අනුකරණය වන්නේ යන්නයි. මෙය තමාගේ මිත්‍රයෙකු වන සනත් ෆොන්සේකා සමඟ එක්‌ව සිදුකරන්නක්‌ බවත් එම නාට්‍යයේ නම පසුව දැනුම් දෙන බවද කියයි. රශ්මි වීඩියෝ හෝම් ආයතනය හා එක්‌ව තවත් කලා කටයුත්තක්‌ සිදුකරගෙන යන බව ද එය හඬකැවීම් නිෂ්පාදනයක්‌ බවද කියා සිටියි.

එම වැඩ කටයුතුද= සමඟ මේ දිනවල ඔබතුමා වේදිකා නාට්‍යයෙන් ඔහු රට වටා ගමන් කරයි. දැනට ශ්‍රී ලංකාවේ සෑම හමුදා කඳවුරකම මෙම නාට්‍ය වේදිකා ගත කිරීමට නියමිතය. තවත් වේදිකා නාට්‍ය, ඩී.වී.ඩී. චිත්‍රපට කිහිපයක්‌ සඳහාද ආරාධනා ලැබී ඇති බවද සඳහන් කරයි.

ප්‍රවීණ ජනප්‍රියතම රංගන ශිල්පි අර්ජුන කමල්නාත්ගේ කුසල් චිත්‍රපටයේද දැක්‌කොත් පත්මාවතී,රජකපුවා වැනි චිත්‍රපටවලද දුමාරය, සමන්දෙණිය, පහන්කන්ද වැනි ටෙලිනාට්‍ය රැසකද ටෝනි බෝයි රංගනයෙන් දායක වී ඇත. එමෙන්ම දෙරන රූපවාහිනියේ සුරංග සතරසිංහගේ නාටක මාරයි නවය හමාරයි ප්‍රහසනයේද රංගනයෙන් දායක වී ඇත. තමා පැමිණි ගමන් මඟට මහත් රුකුලක්‌, ශක්‌තියක්‌ වූයේ එතුමා නාට්‍යයේ අධ්‍යක්‌ෂ සූරිය අමරසේකර බව ඔහු කියයි.එතුමා නාට්‍යයේ නිෂ්පාදක චමින්ද කුමාරන් නිලන්ත රාෙ-න්ද්‍ර, රුසිඳු හෙට්‌ටියා කන්දගේ යන අයද, දෙරන රූපවාහිනි සේවයත්, කල්හාර, රෝසා, අනූෂා ප්‍රනාන්දු, හේමන්ත බණ්‌ඩාර, සංගීතා ස්‌ටුඩියෝ මොරටුව ඇතුළු සහය සැමට ස්‌තූතිය පුදකරන බවද කියා සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!