Gossip

පල්ලේකැලේ යකානැටූ කොල්ලන්ට වැඩ වරදී – ළඟදීම අත්අඩංගුවට

පසුගියදා පල්ලේකැලේදී අවසන් වූ ඉන්දීයාව සමගින් පැවති 3වන එක්දින තරඟයේදී ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ඉතිහාසයට කළු පැල්ලමක්‌ එක්‌කළ සිද්ධියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉලක්‌ක කර වතුර බෝතල් හා ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇතැයි පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

ක්‍රීඩකයන් වෙත වතුර බෝතල් සහ ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් වීඩියෝපට මගින් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිස්‌පතිවරයා සඳහන් කර සිටිනවා.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගයක්‌ අතරතුර ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ රසිකයන් මේ ආකාරයට හැසිරුණු මුල්ම අවස්‌ථාව මෙය වන බවත් මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට විශාල කැළලක්‌ බවත් පොලිස්‌පතිවරයා පවසනවා.

එබැවින් මෙම තත්ත්වය නතර කිරීම සඳහා පොලිසිය ගත හැකි ඉහළම නීතිමය ක්‍රියා මාර්ගය ගන්නා බවත් මින් ඉදිරියට පැවැත්වෙන තරගවලදී මේ ආකාරයට අශෝභන ලෙස හැසිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්‌පතිවරයා කියයි. මේ අතර මින් ඉදිරියට පැවැත්වෙන ක්‍රිකට්‌ තරගවල ආරක්‍ෂාවට වැඩිදුරටත් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!