Gossip

අපි විවාහ නොවී අවුරුදු හතරක් ඔස්ට්‍රේලියාවේ එකට ජීවත් වුණා – මේ ප්‍රශ්නෙට බලපාන්නේ සංස්කෘතිය සහ සම්ප්‍රධායන් – තුසිත ධනුෂ්ක

තුසිත ධනුෂ්ක කියන්නේ දැන් කවුරුත් හඳුනන රංගන ශිල්පියෙක්. කලක් රංගන කටයුතුවලින් ඈත්වෙලා හිටිය තුසිත ආයෙත් කලා නිර්මාණවලින් නිතර දකින්න පුළුවන් චරිතයක් බවට පත්වෙලා. ඉතිං තුසිතට ප්‍රේමය දැනෙන්නේ කොයි විදියටද කියලා සතිඅන්ත පුවත්පතකට කියලා තිබ්බේ මේ විදියට.

ආදරේට නිර්වචනයක් දෙන්න?
හැමෝටම තියෙන්න ඕන, හැමෝම ලබන්න ඕන සුන්දර දෙයක් තියෙනවා නම් ඒ තමයි ‘ආදරය.’

පාසල් ප්‍රේමය සුන්දරද?
ඒ කාලයේ පවතින සහ ඇතිවන ට්‍රෙන්ඩ් එකට අනුව ඇතිවන හැඟීමක් විතරයි මං දකින පාසල් ප්‍රේමය

ආදරේ මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
දැනුමක් තේරුමක් තියෙන කාලේ ඉඳන් ආදරේ දැනුණා.

ආදරය ප්‍රකාශ කළ යුත්තේ හැමවිටම පිරිමි ළමයාද?
එහෙම නියමයක් නෑ. මුලින්ම ආදරේ දැනුණ කෙනයි ඉස්සර වෙන්න ඕන.

අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද? තිබුණද?
ආදරේදි හදවත සීමිතයි. දැනෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙම ආදර කතාත් තියෙනවා. නමුත් හදවතටම දැනුණේ එක ආදරයයි.

ආදරේ කරන දෙදෙනකුගෙන් හැමවිටම පෙම්වතා වැඩිමහල් විය යුතුද?
එහෙම නියමයක් ලෝකේ කොහේවත් නෑ.

ඔබට වඩා වයසින් වැඩිමල් කෙනෙක් ගැන ආදරේ හිතිලා තියෙනවාද?
මං ජීවිතේ වැඩිපුරම ආදරේ කරන ඇය මගේ පෙම්වතිය පූර්ණි චමත්කා කුලරත්න. ඇය මට වඩා අවුරුද්දක් වැඩිමල්.

පෙම්වතියගෙන් ලැබුණු පළමුවැනි තෑග්ග මොකක්ද?
රතුපාට ටීෂර්ට් එකක්.

ඇය ඔබට ආදරේට කියන නම මොකක්ද?
ඇය මට කියන්නේ ‘සුදු බෝලේ’ කියලා.

ගැහැනියකගේ ඔබට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?
අම්මා කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරනවා වගේ හැමදාම මං ළඟින්ම ඉන්න, චාම් වගේම සරල විදිහට ජීවත් වෙන, ආදරෙන් ජීවිතේ බෙදාගන්න පුළුවන් හොඳ ගතිගුණයන් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ආදරේ හිතෙනවා.

ආදරේ විවාහයෙන් කෙළවර වෙනවාද?
හැම ආදර කතාවකටම විවාහයක් දක්වා යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ආදරය ඉන් කෙළවර නොකරගෙන.

විවාහය නිසා මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද?
ඒක ඉතින් එකිනෙකාගේ මානසික මට්ටම අනුව වෙන දෙයක්. දෙන්නට දෙන්නා තේරුම් අරන් නම් විවාහ ජීවිතේ ගෙනියන්නේ, වෙනස් වෙන්න වුවමනාවක් නෑනේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද? ඒ ඇයි?
ලංකාවේ තියෙන නීතියට අනුව නම් ‘ඔව්’ ලියාපදිංචි කළ යුතුයි. නමුත් අපි විවාහ නොවී අවුරුදු හතරක් ඔස්ට්‍රේලියාවේ එකට ජීවත් වුණා. මේ ප්‍රශ්නෙට බලපාන්නේ සංස්කෘතිය සහසම්ප්‍රධායන් කියන සීමාවන් විතරයි.

ආදරය සහ රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම ආදරේදි රාගය තියෙන්න ඕන. ආදරේ පවතින්න රාගය එක සාධකයක් වෙනවා.

ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ?
ඇයගේ ඔෆීස් එකට මල් යවනවා.

ඒ තරහව කොච්චර කාලයක් තියෙනවාද?
එයාට මාව දැකපු ගමන් තරහව අමතක වෙනවා.

විහරව එක පේළියකින් විස්තර කරන්න?
විරහව තුළ කියාගන්න බැරි දුකක් තියෙන්නේ. මෑතකදී දැකපු සිදුවීම්වලින් ඒ දුකේ තරම කොච්චරක්ද කියලා පැහැදිලි වෙනවා. නමුත් මෝඩ තීරණ නම් මං අනුමත කරන්නේ නෑ.

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැනිද? ඒ ඇයි?
ලෝකයේ රටවල් අතරින් බහුතරයක සමලිංගිකත්වය අනුමත කරලයි තියෙන්නේ. නමුත් ලංකාවේ සම්ප්‍රධායට අනුව ඒක විය යුතු දෙයක් නෙවෙයි. පෞද්ගලිකව මම විරුද්ධ වෙන්නේ නෑ. ඒක ඔවුන්ගේ අයිතිය.

ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
අනිවාර්යයෙන්ම ආදරේ එක්කෙනෙක්ට සීමා විය යුතුයි.

මේ වෙද්දි ගෑනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
එහෙම දාලා ගියා කියන්න බෑ. වයසත් එක්ක පරිණත වෙනකොට ආදරෙත් පරිණත වෙනවනේ. එතැනදි හොඳට හිතලා බලලා හරි තීරණ අරන් තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!