Gossip

මුළු මහත් රටක් ඉදිරියේ අපි සිනහවට ලක්ව තිබෙනවා – ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විසින් සිදුකරන මේ වගේ දේවල් නවත්වන්න – තිසරගෙන් ක්‍රිකට් ආයතනයට ලිපියක්

ලසිත් මාලිංගගේ බිරිඳ විසින් තමන් ඉලක්ක කර ගනිමින් සමාජජාල මාධ්‍යයන් ඔස්සේ සිදු කළ ප්‍රචාරයන් සම්බන්ධෆයන් තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඇෂ්ලි ද සිල්වා වෙත ලිපියක් යවමින් කරුණු දක්වා තිබෙනවා.

අදාළ ලිපියෙන් පෙන්වා දී තිබුණේ ලසිත් මාලිංගගේ බිරිඳ වන ටාන්යා පෙරේරා විසින් සමාජජාල මාධ්‍යයන් ඔස්සේ කලක් පුරාවට මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් ඉකුත් නවසීලන්ත සංචාරය අතවාරයේදී එම තත්වය උත්සන්න වූ බවයි කියා සිටියේ.

“නවසීලන්ත තරග සංචාරය අතරවාරයේදී මෙය උත්සන්න වීමත් සමග ඇතිවූයේ වචනයෙන් කිව නොහැකි තරම් මානසික පීඩනයක්. එය විස්තර කිරීමට පවා අපහසුයි” යනුවෙන් සඳහන් කර තිබුණා.

කණ්ඩායමේ ස්ථානය රැක ගැනීම සඳහා අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන්ගේ සහය ලබාගන්නා බවට මා හට එල්ල කර තිබෙන චෝදනාව වුණා. නමුත් තමන් සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සිදු කරන තේරීම් ක්‍රියාමාර්ගයන් අනුගමනය කර ඇති බවත් කිසිදු අවස්ථාවක කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසීමක් සිදු කර හෝ කණ්ඩායමෙන් තමන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා කිසිවෙකුගෙන් ඉල්ලීම් සිදු කර නොමැති බව තිසර සිය ලිපියෙන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම තමන්ව යළිත්වරක් කණ්ඩායමට කැඳවීමට පියවර ගැනීමෙන් පසුව සිය උපරිමය කණ්ඩායම වෙනුවෙන් සිදු කර තිබෙන බවත් ඉකුත් 2018 වසරේදී තමන් දැක්වූ දක්ෂතාවයන් එයට හොඳම නිදසුන බවයි ඔහු වැඩිදුරටත් අදාළ ලිපිය මගින් දන්වා තිබුණේ.

කිසිම අවස්ථාවක තමන් වෙතට පැවරුණු වගකීම් පැහැර හැර නොමැති බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරයේදී කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවේදී තමන් එය භාර ගැනීමට කටයුතු කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාවීම ඉතා ගෞරවයක් කොට සලකන බව ඔහු කියා සිටිනවා. එමෙන්ම එම තරග සංචාරයෙන් පසුව පාකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකි බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් පවා ලබා දීමට හැකිවූ බව ඔහු සඳහන් කර සිටිනවා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින බලසම්පන්න නායකයෙකුගේ බිරිඳක් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දිගින් දිගටම සිදු කරන මෙවන් චෝදනා සම්බන්ධයෙන් රටේ පොදු මහජනතාව විශ්වාස කරන බවත් ඒ හරහා ඔවුන් තුළ තමා සම්බන්ධයෙන් ඇතිවන මඩ ගැසීම් නැවැත්වීමට නොහැකි බවත් එවන් අවස්ථාවක ඇතිවන මානසික පීඩනය හේතුවෙන් එක් තරගයකදී හෝ දස්කම් නොදැක්වුවානම් කණ්ඩායමෙන් තමා ඉවත් කිරීමට පසුබට නොවන බවද ඔහු සඳහන් කර සිටිනවා.

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් එකා මෙන් නොසිටීම හේතුවෙන් කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයන්ට එය යහපත් පූර්වාදර්ශයක් නොවන බවත් කණ්ඩායමක් ලෙසට අපට වෙන්ව ක්‍රීඩා කිරීමට නොහැකියි. නායකයාගේ වගකීම විය යුත්තේ ක්‍රීඩා කිරීමේ සැලසුම් සකස් කිරීමට පෙර කණ්ඩායම තුළ එකමුතුකම සහ ස්ථාවරත්වය ඇති කිරීමයි. නමුත් එවැනි තත්වයක් ඇති නොවූ බවට තමා අකමැත්තෙන් වුවත් මේ අවස්ථාවේදී තමා ප්‍රකාශ කර සිටින බවයි තිසර පෙරේරා සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

“කිසිවෙකුත් ක්‍රීඩා කරන්නේ පරදින්න බලාගෙන නෙවෙයි. පසුගිය නවසීලන්ත සංචාරයේදී මගේ ක්‍රීඩා විලාශය දිහා විමසීමෙන් බැලුවහොත් එය ඕනෑම අයෙකුට තේරුම් කර ගත හැකි වේවි. ජනතාවගේ පිළිගැනීම ඇති ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විසින් සිදුකරන මෙවැනි ක්‍රියාවන් නවතාලීමට වහාම මැදිහත් වන ලෙස තමා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ ආකාරයෙන් සමාජජාල මාධ්‍යයන් ඔස්සේ සිදු කරනු ලබන ප්‍රකාශයන් හේතුවෙන් මාගේ විශ්වාසය පළුදු කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබෙනවා. මෙය ඉතා විහිළු සහගත කරුණක්”

එක් අයෙකුගේ පෞද්ගලික වුවමනාවන් හේතුවෙන් අද මේවන විට අප මුළු මහත් රටක් ඉදිරියේ සිනහවට ලක්ව තිබෙනවා. මෙවන් අවස්ථාවකදී මෙය සැහැල්ලුවෙන් සිතීමට නොහැකියි.

අද අප රැඳී සිටින්නේ ලෝක කුසලාන තරගයක් ආසන්නයේ. අපගේ අවධානය විය යුත්තේ දක්ෂතාවයන් වැඩි දියුණු කර ගැනීම විනා සමාජජාල මාධ්‍යයන් ඔස්සේ පලවන මෙවන දේ පිළිබඳව නෙවෙයි. අප කණ්ඩායමට ස්ථාවර නායකත්වයක් සහ මග පෙන්වීමක් අවශ්‍ය සිටින කාලයක් මෙය. කණෟඩායම් සාමූහිකත්වය ඇති කරලීම වඩා වැදගත් වී තිබෙනවා. කණ්ඩායමක් ලෙස සාමූහිකත්වය නොමැතිවීම මේවන විට අප කණ්ඩායම තුළ දැඩි අඩුවක් වී තිබෙනවා. ලෝක කුසලානයට යාමට පෙර මෙම අඩුවන් සම්පූර්ණ කර ගැනීම අනිවාර්යයි. අප ඉදිරියට යා යුත්තේ එකාමෙන් කණ්ඩායමක් ලෙසට එසේත් නොමැතිව බෙදී ගිය පිරිසක් ලෙස නොවෙයි.”

මෙම කරුණු සම්බන්ධයෙන් සිතා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා මෙන් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බව එම ලිපියෙන් වැඩිදුරටත් දැක්වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!