Gossip

ශ්‍රී ලාංකික නාමය පළමු තැනට ඔසවා තැබූ තිළිණි උපේක්ෂා – Photos

ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් වන තිළිණි උපේක්ෂා කළුආරච්චිට ජපානයේ එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේදී පැවැති උපාධි ප්‍රදානෝත්සවයකදී රටවල් ගණනාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමටත්, එහිදී පැවැති මහා සමුලුව ඇමැතීමටත් අවස්ථාවක් ලැබීමේ පුවතක් අපිට වාර්තා වුණා..
ඇයට 2014 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති පාරිසරික භූ විද්‍යා තාක්ෂණය පිළිබද හත්වැන් ජාත්‍යන්තර සම්මේලනයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගිවීමටත්, එම සමුළුව ඇමැතීමටත් ඇයට අවස්ථාව ලැබී තිබුණා
තිළිණි නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.
එමෙන්ම ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ පරිසර සංරක්ෂණය හා කළමනාකරණය පිළිබද විශේෂවේදී උපාධිධාරිනියකි.
2016 වසරේදී ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේදී පැවැති න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද සම්මේලනය සදහා ජපානය නියෝජනය කරමින් සහභාගි වූ ඇයට එහිදී ද එම සමුළුව ඇමැතීමට අවස්ථාව ලැබුණු අතර, එහිදී ඇය විශේෂ සම්මානයකින් ද පිදුම් ලැබුවාය.
මේ වන විට ජපානයේ එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබද එම්.එස්.සී. උපාධිධාරිනියක වන ඇය ටෝකියෝ විශ්ව විද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබද ඩිප්ලෝමාධාරිනියක ද වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!