Gossip

ඩිල්ෂාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

නඩත්තු නඩුවකට පෙනී නොසිටීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා ඊයේ වරෙන්තු නිකුත්කර තිබුණි.

අදාළ නඩත්තු නඩුවේ වගඋත්තරකරුවන් වන තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම ඔහුගේ ඇපකරුද ඊයේ අධිකරණය හමුවේ පෙනීසිටියේ නැහැ.

එබැවින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් වරෙන්තු නිකුත් වු තිලතරත්න දිල්ශාන් අද අධිකරණය සිය නීතීඥවරයා මාර්ගයෙන් බාරවී තිබෙන බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එහිදී තිලකරත්න දිල්ෂාන් පවසා ඇත්තේ තමන් විසින් සිතාගෙන සිටියේ අදාළ නඩුව අද දිනයේ කැඳවා ඇති බවයි.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා තිලකරත්න දිල්ෂාන් හට අවවාද කර නැවතත් ලබන මස 24 වන දිනට නඩුව කල්තබා තිබෙනවා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!