Gossip

“දැරියට පයින් ගහලා.මුහුණට වතුර දැම්මත් සිහිය ඇවිත් නෑ.ඒ නිසා කලා ඔයට විසි කරලා.දැරියගේ මවගේ පියාවත් ඝාතනය කරලා.එම සිරුරත් කලා ඔයට දාලා” – ඇඟම හිරිවැටෙන පාපොච්චාරණය මෙන්න

සාලියවැව – නීලබැම්ම ව්‍යාපාරයේ ඔලිමඩුව ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී. තෙනුරි තිසාරා නමැති වයස අවුරුදු 04 ක දැරියගේ අතුරුදහන් වීම ගැන මේ වෙද්දි කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ මෙම දැරියගේ මව විසින් සිදුකළ පාපොච්චාරණයෙන් පසුවයි.
දැරියගේ මව පවසා තිබුණේ පසුගිය 30 වැනිදා දියණිය පෙර පාසල් යාම සඳහා සුදානම් කරමින් සිටින විට ඇති වූ කෝපය නිසා ඇයට පයින් පහරක් එල්ල කළ බවයි.
පසුව තවත් පහරවල් කීපයක් ඇයට එල්ල කර තිබෙනවා.
එම අවස්ථාවේදී දැරිය සිහි මුර්ඡා වන්නට ඇති බවට විශ්වාස කර ඇයගේ මුහුණට වතුර ඉස ඇති අතර ඉන් පලක් නොවූ නිසා දැරියව කලා ඔයට විසිකළ බවයි ඇය පාපොච්චාරණය කර තිබෙන්නේ.
දැරියගේ මවගේ පියාද මීට කළකට ඉහතදී අතුරුදහන් වී ඇති අතර ඔහුවද ඝාතනය කර කලාඔයට දමා ඇති බව සඳහන් වන අතර දැරියගේ මව පොලිසියට ප්‍රකාශ කර තිබුණේ තම පියාගේ සිරුර කලා ඔයට දැමූ ස්ථානයෙන්ම තම දියණියගේ සිරුරද දැමූ බවයි.
පියාගේ සිරුර මෙතෙක් හමු නොවීම නිසා දියණියගේ සිරුරද සොයා ගැනීමට නොහැකි වන්නේ යැයි තමන් අනුමාන කළ බවයි සැකකාරිය වැඩිදුරටත් පොලිසියට පාපොච්චාරණය කර තිබෙන්නේ.
දැරියගේ මව වසය අවුරුදු 14 දී පමණ ප්‍රදේශයේ අයෙකු විසින් දුෂණය කර ඇති අතර ඉන් අනතුරුව ඇය තවත් පුරුෂයින් 15 දෙනෙකු පමණ ඇසුරු කර ඇති බවත්, දැරිවියගේ පියා ඉන් එක් අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා.
දැරියගේ සිරුර සොයා මෙහෙයුම් කටයුතු තව දුරටත් ක්‍රියාත්මක වන බවත් සඳහන්.
පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්ද්‍රරත්න ජයකොඩිගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!