Gossip

71 වැනි නිදහස් දිනය සමරන ඔබ, අපේ රටේ පළමුවැනි නිදහස් දිනය සමරපු හැටි දැකලා නෑ නේද..? මෙන්න ඒ වීඩියෝව

ශ්‍රී ලංකාව අවුරුදු 133 ක් බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ලෙස පැවතුණා.
ඉන් පසුව ශ්‍රී ලංකාව නිදහස් බිමක් බවට පත්වන්නේ 1948 පෙබරවාරි 04 වැනිදායි.
එදින උදෑසන 7.30 ට යෙදුනු සුබ නැකතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා දිවුරුම් දුන්නා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා
කොළඹ රජ වාසලේදී මෙම දිවුරුම්දීම සිදුවූ අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දුන්නා. තවද සැම පන්සලකම ඝන්ටා නාද වී තිබුණා.
පෙබරවාරි 4 වැනිදා සිට 14 වැනිදා දක්වා රජයේ උත්සව මාලාවක්ද සංවිධාන කර තිබූ අතර නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වුණා.
මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 9 දෙනෙකුද එදින නිදහස ලැබුවා.
පෙබරවාරි 4 සහ 5 යන දෙදින තුල සත්ව ඝාතන ස්ථානද වසා දැමූ අතර පෙබරවාරි 4, 10, 11, සහ 12 යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරුණා.
රජයේ ගොඩනැගිලි, වරායේ නැව්, ආගමික ස්ථාන සහ නිවෙස් ආදී සියල්ලකම සිංහ කොඩි ලෙල දුන්නා..
කොළඹදී පැවැත්වුණු නිදහස් දින උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!