Gossip

“පාර හරහා සතෙක් පැන්නා – මම සතා බේරන්න පාර අයිනට අරගත්තා -හිතා ගන්නවත් බැරි විදියට ලිස්සුවා” – බිහිසුණු රිය අනතුරෙන් දිවි බේරුණු රවීන්ද්‍ර යසස් කිව්ව කතාව

පසුගිය 28 වනදා රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වුණා. ඉතින් මේ ගැන ඔහු හා ඔහුගේ බිරිඳ කියා තිබුණේ මෙවන් කතාවක්.

‘‘රවීන්ද්‍ර අනතුරට ලක්වෙන කොට පාන්දර 4ට විතර ඇති. ඒ මොහොතේම එයා මට කතා කරලා මෙහෙම එක්සිඩන්ට් වුණා කියලා කිව්වා. ඒ වෙලාවේ මට සෙනඟ කතා කරන සද්ද ඇහෙනවා. මෙහෙම කරන්න මේ පැත්තෙන් ගන්න වගේ දේවල්. කොහොම හරි ඒ අනතුරු වුණු ප්‍රදේශයේ ජනතාව ඉක්මනින්ම රවීව හොරණ රෝහලට ඇතුළත් කරන්න කටයුතු කරලා තිබෙනවා. මම යනකොටත් වෛද්‍යවරු අවශ්‍ය පරීක්ෂණ කරලා ඔහුට අනතුරක් නැති බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම ජනක් ප්‍රේමලාල්, කපිල මැද්දගොඩ ඇතුළු රාජකපුරු නාට්‍ය කණ්ඩායමේ කට්ටියම ඇවිත්. නිකම් නොවේ ඒ අයගේ පවුල් පිටින් ඇවිත් හිටියේ. හරියට පවුලේ කෙනෙකුට මේ අනතුර වුණා වගේ. කරදරයක් වුණු වෙලාවට එහෙම පිහිටට එන කොට හිතට හරිම හයියක් දැනෙන්නේ.

අපේ පුතා කසුන් උපාධිය අවසන් කරලා ඕස්ට්‍රේලියාවට ගියා එයාගේ එම් ඒ එක කරන්න. මෙල්බර්න් වල ඉන්නේ. මේ ආරංචිය දැනගත්තු ගමන් එන්න හැදුවා. ඒත් අමාරුවක් නැති නිසා එන්න එපා කිව්වා. මොකද කොහොමත් එයා ළඟදී එන්න යොදාගෙන තියෙන්නේ. මම විශ්වාස කරනවා මමයි පුතයි ගොඩක් පින් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ තරම් ලොකු අනතුරක් වෙලා රවීන්ද්‍රට තුවාලයක්වත් නැතුව ජිවිතය බේරුණේ. අපේ පවුලේ කාට හරි දුකක් කරදරයක් වුණාම එයා තමයි හැමදේම කරන්නේ. මොකද එයා රංගන ශිල්පියෙක්, දේශපාලනය කරන කෙනෙක් විදියට බොහෝ දෙනෙක් අඳුනනවා. ඒත් එයාට කරදරයක් වුණාම මොනවද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මම විශේෂයෙන් ස්තූති වන්ත වනවා කඹුරුගොඩ ජනතාවට. අනතුරු වුණු සැණින් ඇවිත් රවිව අරගෙන් එම්බියුලන්ස් එකට කතා කරලා රෝහලට ගෙනිහින් තිබුණා. ඒ විතරක් නෙමේ. රවිගේ රත්තනරන් බඩු පර්ස් එක ෆෝන් එක ලියකියවිලි වගේ වටිනා දේවල් සියල්ලම පරිස්සම් කරලා සත පහක් අඩු නැතුව දුන්නා. ඒ මනුස්සකමට ගරු කරනවා..”

රවීන්ද්‍රගේ බිරිදගේ කතාබහෙන් පසුව රවින්ද්‍ර කිව්වේ මෙහෙම කතාවක්

‘‘ මම ප්‍රෝගෑම් එක ඉවර වෙලා ගෙදර යන්න ගියේ. කඹුරුගොඩදී පාර හරහා සතෙක් පැන්නා. මට මතක හැටියට ටිකක් ලොකු කලවැද්දෙක් වෙන්න ඇති. මම සතා බේරන්න පාර අයිනට අරගත්තා. ඒ එක්කම හිතා ගන්නවත් බැරි විදියට ලිස්සුවා. ගිය වේගයෙන්ම ගිහින් කුඹුක් ගහක වැදුණා.

මම ගෙදරට කතා කරලා විස්තරය කිව්වා. විනාඩි ගණනකින් ඇම්බියුලන්ස් එක ආවා. කඹුරුගොඩ මිනිස්සු මාව මාව හොස්පිට්ල් එකට ගෙනියනකොටත් මට හොඳට සිහිය තිබුණා. ඇඩ්මිට් කරන කොට රත්තරන් බඩු වලට මොකද කරන්නේ කියලා ඇහුවා. මම කිව්වා ඔය ගොල්ල තියාගන්න කියලා. ඒ සියල්ලම කිසිම දෙයක් අඩු නැතුව පරිස්සම් කරලා තිබුණා. ඒ නිසා ඒ හැම දෙනාටම ස්තූති කරන්න ඕන. මාව ඇතුළත් කරපු වෙලාවේ ඉඳලා හොරණ ඉස්පිරිතාලේ සුළු සේවකයාගේ ඉඳලා හැම කෙනෙක්ම මට හොඳට සැලකුවා. විශේෂයෙන් වෛද්‍යවරු අවශ්‍ය හැම පරීක්ෂණයක්ම කරලා මට ප්‍රතිකාර කළා. ඒ හැම දෙනාටම ස්තූති වන්ත වනවා.”

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!