Gossip

ලේලිට අතවර කරන්න ගොස් පුතාගේ අතටම අසුවූ පියා කරගත්ත දේ

ය පුතාගේ බිරිඳට අතවර කිරීමට ගොස් එය හසුවීම නිසා සිය දිවි නසාගත් පියෙකු ගැන ගම්පොළ වත්තේගෙදර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

52 හැවිරිදි තිදරු පියෙකුයි මෙලෙස මියගොස් තිබෙන්නේ.

එමෙන්ම මියගිය පුද්ගලයා නිවෙස අසළ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකු බවටත් වාර්තා වනවා.

පසුගිය 11 වන දින සිය 22 හැවිරිදි වැඩිමහල් පුතාගේ බිරිඳ දේවාලය පිරිසිදු කිරීම සඳහා පැමිණ අවස්ථාවේ මෙම පුද්ගලයා ඇය බිම පෙරළාගෙන අතවර කිරීමට තැත්කර තිබෙන අතර බිරිදගේ කෑ ගැසීම ඇසී නිවසේ වඩු වැඩ කරමින් සිටි ඇයගේ සැමියා දේවාලයට පැමිණ තිබෙනවා.

පසුව ඔහු තම බිරිඳගේ සිරුර යටකරගෙන සිටි පියා ඉවතට ඇද පහර දී ඇති අතර බිරිඳටද පහරක් එල්ල කර ඇයව කැඳවාගෙන නැවත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිදුවු සිද්ධියෙන් පසු කළකිරීමට හා ලැජ්ජාවට පත් යුවල නිවස හැර යෑමට සූදානම්ව තිබෙන අවස්ථාවේ පියා පැමිණ “උඹලා යන්න එපා. මං යන්නම්.” යනුවෙන් ප්‍රකාශ කර දේවාලය තුළට ගොස් තිබෙනවා.

දේවාලය තුලට ගිය පියා පසුව එහි ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා. සිද්ධිය වූ අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ කුලී වැඩකට ගොස් සිට ඇති අතර මෙම නිවස තුල පුතුන් තිදෙනා සහ වැඩිමහල් පුතුන් දෙදෙනාගේ බිරින්දෑවරුන්ද එක්ව දිවි ගෙවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් වැඩිදුර විමර්ෂන සිදු කරන අතර වැඩිමහල් පුතු සහ ලේලිය මේ සම්බන්ධව පොලිසියට සාක්ෂි ලබා දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!