Gossip

සියල්ලන්ම කම්පා කරවමින් අවසන් ගමන් ගිය සුරූපිණිය – “අපිට ජනප්‍රිය වෙන්න ඕන වුණේ නෑ, ඕන වුණේ එයාගේ අවසන් කැමැත්ත ඉටු කරන්න”

සමහරු ලැබුනු ජීවිතයෙන් ප්‍රශ්න නිසා පලා යන්න උත්සහ කරද්දි තවත් සමහරු ලැබුනු ජීවිතේ හදිසියෙම නොසිතුව විදිහට අවසන් වෙන බව දැන දැන තව දවසක් හරි ජීවත්වෙන්න හීන දකිනවා. එ වගේම ජීවිතයේ උපතත් එක්ක හැමවෙලේම ගැට ගැහිලා තියෙන දෙයක් තමයි මරණය කියන දේ. ඉතිං ඒ නිසා කොයි මොහොතක කොයි වයසකදි අපිට මරණය මුණ ගැහෙයිද කියන්න බෑ.

මේ විදිහට ජීවිතේ සුන්දරම කාලෙදි හැමෝවම හඩවමින් මොලොව හැර යන්න උනු තරුණියක් තමයි Racine Pregunta කියන්නේ. ඇය වයස 20 දී ජීවිතය පසුගිය දා හැර ගියේ දරුණු පිළිකා රෝගයක් නිසා.

තමන් මිය යන බව දැන සිටිය රසීන් මිය යන්න කලින් හැමෝවම පුදුම කරන විදිහේ තමන්ගේ අන්තිම කැමැත්තත් ප්‍රකාශ කරලා තිබුනා.

ඒ අමුතුම අන්තිම කැමැත්ත තමයි තමන් මිය ගියාට පස්සේ තමන්ගේ මිය ගිය දේහය රූපලාවන්‍ය ශිල්පියෙකු අතින් හැඩ කරවීම. ඉතිං මේ සදහා ඇය මුදල් වෙන් කරලා නිවසියන්ට පවා දීලා තිබුනා.

සියල්ලන්වම හඩවමින් මිය ගිය රසීන්ගේ දේහය හැඩ කරන්න භාර උනේ පිලිපීනයේ නම ගිය රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනෙකුට.

රසීන්ගේ දේහය බලන්න ආපු අයට හිතාගන්නත් බැරි තරම් ලස්සනට ඇගේ දේහය ඔවුන් හැඩ ගන්වා තිබුනා.

පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනා.

“අපිට ජනප්‍රිය වෙන්න ඕනේ උනේ නෑ. අපිට ඕනේ උනේ රසීන්ගේ අන්තිම කැමැත්ත ඉටු කරන්න. අපේ දුක ටිකක් හරි අඩු උනා. ඒ ඇයගේ අන්තිම කැමැත්ත නිසි ලෙස ඉටු කරන්න පුලුවන් උනු නිසයි”

යොවුන් වියේ තරුණියකගේ ලොකුම හීනය වෙන්නේ ලස්සන රූ පසුවක් පවත්වා ගැනීම. ඉතිං තමන්ගේ හොඳම වයසෙදි දිවිය හැර යන්න උනු රසීන් තමන්ගේ ආසාව ඉටුකරගෙන තිබුනේ බොහෝ දෙනාගේ හිත් දැඩි ලෙස සංවේදී කරන විදිහට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!