Gossip

“අනේ මහත්තයො අපි තලවකැලේ. අපේ අම්මා cancer hospital එකේ නවත්තලා ඉන්නෙ, ගමට යන්න මට සත පහක්වත් නෑ”

දුප්පත්ව ඉපදෙන එක ඔබේ වරදක් නෙවෙයි.. හැබැයි දුප්පත්කමෙන්ම මියයනවානම් අන්න ඒක ඔබේ වරදක්.
ඒ විදිහේ කියමනක් ඔබ මීට කළින් අහලා ඇති.
ටවුන් එකකට ගියොත්, බස් එකක නැග්ගොත් සිඟමන් යදින මිනිස්සු කොයි තරම්නම් අපිට හමුවෙනවද..?
ඒ අතරින් ඇත්තටම තමන්ගේ අසරණකම නිසා සිඟමන් යදින අය ඉන්නේ පුංචි පිරිසක්.
හුඟ දෙනෙක් කරන්නේ බොරුව.
ඒ විදිහට සිඟමන බිස්නස් එකක් විදිහට කරගෙන වැඩක් ගැන තරුණයෙක් මුහුණුපොතට සටහනක් දමා තිබුණා.

එම සටහන පහතින්…

“අනේ මහත්තයො අපි තලවකැලේ.. අපෙ අම්ම cancer hospital එකේ නවත්තලා ඉන්නෙ.. අපි අද පාන්දර කොළඹ එන්න පිටත් උනේ.. දැන් ගමට යන්න සත 5ක්වත් නෑ..දවසටම ප්ලේන්ටියක්වත් බොන්න හම්බ උනේ නෑ..කීයක් හරි දීලා යන්න මහත්තයා..”

දැනට මාස ගණනකට විතර කළින් රාත්‍රි 9.00 ට විතර ලුම්බිණි ඉස්කෝලෙ ළගදි මගෙ car එක නවත්වලා.. මේ පින්තූරෙ ඉන්න තරුණයා එහෙම කීවා..කිළුටු ඇදුම් ඇදගත්ත පුංචි දරුවො දෙන්නෙකුත් වයසක කාන්තාවකුත් මෙයා එක්ක හිටියා.

ඉතින් මහත්තයගෙ හිත උණු වෙලා අතේ තිබුණු 1500 ම මේ තරුණයට දුන්නා.. ?

ඒක එතනින් ඉවර නෑ..

ආසන්න මාස කිහිපයක් ඇතුලත 4 වතාවක් මේ තරුණයා මගෙ වාහනේට රාජගිරියෙදි, ඩාලි පාරෙදි, දියත පාක් එක පාරෙදි අත දැම්මා.. මේ විදියටම බොරු කියාගෙන ආවා..මේ photo එක ගත්තෙ අවසානයට හම්බ උන දවසෙ.. මෙච්චර කල් හිටිය පිරිමි දරුවා වෙනුවට එදා වඩාගෙන හිටියේ ගෑනු දරුවෙක්.. 
පොදවැස්සට පොඩි එකා තෙමෙනවා.. මම ඒක කිව්වට පස්සෙ දෙන්නෙක් කොහෙද ඉදන් ඇවිදින් මේ රෙදි කෑල්ල දරුවගෙ ඇඟට දැම්මා..

මම මේ කතාව මගේ අයියා කෙනෙක්ට කීවා. මේ photo එකත් යැවුවා. මාසෙකට දෙකකට කළින්.

අයියා මට අද call කරලා කීවා මේ අය අද මාළබේ නෙවිල් ප්‍රනාන්දු hospital එක ළග මේ වැඩේම කරනවා කියලා.

මේ පුංචි දරුවන්ට හඩක් නෑ
අවුවට පිච්චෙනවා..
වැස්සට තෙමෙනවා..
මේ වගේ තව ගොඩක් අය ඇති..

photo එක post කරන්නෙ ඔයාලා හැමෝම දැනුවත් කිරීමක් විදියට..

මේ කතාව මෙතනින් ඉවර නෑ ?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!