Gossip

තලංගම කට්ටඩියාගේ බෝම්බ සිද්ධිය වෙනතකට – බුද්ධිකා සහ කට්ටඩියා අතර තිබූ ප්‍රේම කතාව හෙළිවෙයි

cvr

පසුගියදා තලංගම ප‍්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු මරාගෙන මැරුණ කට්ටඩියෙකු පිළිබඳ වාර්තාවූ සිද්ධිය අනියම් ඇසුරක් පවත්වන්නට කැමැත්ත ලබාගැනීමේ අරමුණින් කළ එකක් බව ප‍්‍රකට වූ නමුත් මේ වනවිට ලැබෙන හෙළිදරව්කිරීම් අනුව ඒ ඝාතනය එයට ඔබ්බට ගිය සංකීර්ණ පේ‍්‍රම කතාවක් පසුබිම් කරගෙන සිදුවූ එකක් බව අනාවරණයවී තිබෙනවා.

මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ 54 හැවිරිදි ප‍්‍රදීප් තුෂාර පෙරේරා නමැති කට්ටඩියා මියගිය කාන්තාව සමග සබඳතා පවත්වන්නට පටන්ගෙන වසර එකහමාරක පමණ දිගු කාලයක් ගතව තිබෙන අතර ඔහු මැය නිසා සිය පවුලද අවුල් කරගත් අයෙකු බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

දෙදරු පියකුවූ ඔහු මේ සිව්දරු මවකවූ කාන්තාව සමග පවත්වන සම්බන්ධය ගැන සැලවී ඔහුගේ එක් 18 හැවිරිදි පුතෙකු සියදිවිනසාගෙන පවා ඇති අතර එයින් පසු ඔහුගේ බිරියද ඔහු හැරදමා ගොස් ඇත.

හමුදාවෙන් පළාගිය සෙබළෙකු වූ ප‍්‍රදීප් මුල්ලේරියාවේ දේවාලයක කපුවෙකු ලෙස මෙන්ම ඉඩම් දෝෂ නිවාරණය කරමින් සිටි අයෙකි. මුල්වරට මෙම කාන්තාව ඔහුට මුණගැසී ඇත්තේ ඔහු පළකළ පත්තර දැන්වීමක් නිසා ඉඩමක් විකුණාගන්නට  ඕනෑ බව පවසමින් එය විකුණාගන්නට බැරිව ඇති දෝෂ ඉවත් කරදෙන වැඩක් ලබාදෙන්නට ආ අවස්ථාවකදීය.

තොටළඟ ප‍්‍රදේශයේ පාරම්පරික දේපළ වස්තු සම්භාරයක් උරුමව තිබෙන ධනවත් කාන්තාවක වූ මියගිය 41 හැවිරිදි බුද්ධිකා නිලංගනී වල්පොල වලව්කාරිනියක වූ බවද සැලවේ.

කොස්වත්තේ වල්පොළ වලව්ව ඇගේ සීයාගේය. අනියම් ඇසුරකට යොමුවී වෙනත් කාන්තාවක් සමග ජීවත්වන්නට ගිය නිසා සැමියා ඇයව හැර ගොසින් තිබිණි. ඔහු ගිය පසු වතුපිටි ආදායමින් ඇය සිය දරුවන් සිව්දෙනා ජීවත් කරවූ අතර ඇතැම් කාලවලදී ඉඩකඩම් විකුණමින් වියදම් පියවාගෙන ඇත.

පෙරකී ඉඩම් දෝෂ කාර්යයට ප‍්‍රදීප් මුණගැසීමට මුල්වරට ඇය ගොස් තිබුනේ ඒ අනුවය. විශාල ඉඩමක්වූ එය කෝටි 9 කට විකුණන විශාල ගනුදෙනුව ඉක්මණීන් කරන්නට අවශ්‍ය දෝෂ නිවාරණය ප‍්‍රදීප් ඉටුකර දී තිබුණ අතර ගාස්තු ලෙස රුපියල් මිලියනයක් ඔහුට ලබාදෙන්නට නියමිතව තිබුණි.

සාර්ථකවූ කටයුත්තෙන් පසු තමන්ගේ සැමියා නැවත ගෙන්වා ගන්නට ප‍්‍රදීප්ගේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් වල සේවයද ලබාගන්නට කැමති බව බුද්ධිකා ඔහුට පවසා ඇත. ඒ අනුව ඇගේ පුද්ගලික විස්තරද විස්තරාත්මකව ඔහුට ඇය පවසා ඇත. ඒ වෙනුවෙන් ගුරුකමක් කරදෙන්නට හැකි බව ප‍්‍රදීප් පවසා තිබෙන අතර මේ ඔස්සේ ඇය වරින්වර හමුවෙමින් සමීප ඇසුරක් පවත්වන්නට ප‍්‍රදීප් පසුව ක‍්‍රියාකර ඇත.

ඇගේ ධනය දැක වසඟවී හෝ ඇත්තටම ඇයට ආදරය කළ නිසා හෝ ඇය සමග සමීපවන්නට ඔහු ඉන්පසු කටයුතු කර ඇත.

ඔහුට ලැබෙන්නට නියමිත මිලියනයේ ගාස්තුව පවා ඔහු මියයනතුරු ඇගෙන් ඉල්ලා නැත.

ඉඩම විකිණීමෙන් පසු අලූත් නිවසකට පදිංචියට ගිය ඇය හමුවීමට වරින්වර ප‍්‍රදීප් එහි ගොස් තිබුණ අතර නිවසේ ඇතැම් කටයුතු නිමකිරීමටද ඔහු උදව් උපකාර කර ඇත. ඒ කාලයේ ඔවුන් ඉතා කුළුපගව හැසිරෙන අයුරු දුටු බව අසල්වැසියන් ප‍්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් දරු දෙදෙනෙකුගේ පියෙකුවූ ප‍්‍රදීප් තම නිවසේ අයවද අමතක කර මේ ආකාරයට හැසිරීම ගැන අංගොඩ හිඹුටානේ පදිංචි නිවැසියන්ට සැලවී තිබුණ අතර ඒ සම්බන්ධ ආරවුල්ද පැනනැගි බව කියැවේ.

මින් මාස 8 කට පමණ පෙර පසුගිය ඔක්තෝබර් මාසයේ ප‍්‍රදීප්ගේ 18 හැවිරිදි පුතු ලිපියක් ලියා තබා දිවිනසාගෙන ඇත්තේ තාත්තාගේ මේ හැසිරීම මට ලැජ්ජාවක් යයි කරුණු දක්වමිනි.

කෙසේ වෙතත් ඒ මරණයද පාඩමක් කරගෙන ප‍්‍රදීප් වෙනස්වී නැත. ඔහු දිගටම බුද්ධිකාට ආදරය කරන්නට වූ අතර මේ නිසා ප‍්‍රදීප්ගේ විවාහක බිරිය ඔහු සමග නැවතත් දිගටම අඬදබර ඇතිකරගෙන ඇත. මියගිය බුද්ධිකා හමුවන්නටද පැමිණි බිරිය ඇයටද දොස් පවරා ඇත. පසුව ප‍්‍රදීප්ව හැරදමා බිරිය නිවසින් ගොස් තිබේ.

කෙසේ වෙතත් වෙනත් පවුලක් කඩා ඉහරවීම නිසා සමාජ අපවාද ලැබෙන්නට පටන්ගත් පසු බුද්ධිකා තරමක් වෙනස්වී ඇත. තවදුරටත් ප‍්‍රදීප් සමග ඇසුරක් පවත්වන්නට බැරි බව ඇය ඉන්පසු දන්වා ඇති අතර ඔහු පැමිණි පසු නිවසට නැවත නොඑන ලෙස දන්වා දොර වසා ඇත.

මේ සිදුවීම් වලින් මනස අවුල් කරගත් ප‍්‍රදීප් උමතුවූවෙකු ලෙස හැසිරෙන්නට පටන්ගෙන තිබේ. තමන්ට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවූ බව පසක් කරගත් ඔහු මරාගෙන මැරෙන්නට තීරණය කර ඇත්තේ ඉන් පසුවය. පොලිසිය ඒ බවට ඔහු ලියූ දීර්ඝ ලිපියක්ද සොයාගෙන තිබේ. එම ලිපියේ ‘නයනී’ යන ආදර නාමයෙන් ඇය ගැන සටහන් කර තිබුන අතර ඇය ඔහුට මේ දේවල් සියල්ල සිදුවන්නට බලාපොරොත්තු ඇතිකර තිබුණ බව දක්වා ඇත. ‘අපි දෙන්නා අතර සම්බන්ධය දන්නේ අපිම තමා’ යනුවෙන්ද එහි දක්වා ඇත.

සිද්ධියවූ දවසේ උදෑසන මන්නයක්ද රැගෙන ඇගේ නිවසට කඩාපැන්න ඔහු ඇයට එම අනතුර එම අවස්ථාවේ සිදුකරන්නට සිතා ඇති නමුත් ඇයගේ කෑගැසීම නිසා නිවසට යාබද නිවසේ සිටින නැන්දා සහ මාමා පැමිණ ඔහු එළවා දමා ඇයව බේරාගෙන ඇත.

ඔවුන් පොලිසියට ගොස් මේ මරණ තර්ජනය දන්වන්නට තීරණය කර තිබුනේ ඒ අනුවයි.

කෙසේ වෙතත් පොලිස් පැමිණිල්ලේ ඔවුන් කලෙක සිට දන්නා කථාවක් හෝ සම්බන්ධයක් ගැන කරුණු දන්වා තිබුනේ නැති අතර ‘මං හැරගිය අය ගෙන්වා ගන්නා වැඩකට දේවාලයකට ගිහින් තමා එයාව අදුනගත්තේ පස්සෙ කරදරේ බෑ’ යනුවෙන් පමණක් සටහන් කර තිබුණි.

පැමිණිල්ල විභාග කරන්නට පොලිසිය ප‍්‍රදීප්ට එන්නට යයි ඇමතුම දුන් අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරියාට පවසා තිබුනේ ‘එන්නම් එන්නම් මටත් එයා ගැන ගොඩක් දේවල් කියන්න තියනවා’ යනුවෙනි.

ඔහු මාර්ගයේ සැඟවී සිට බුද්ධිකාට බෝම්බගසාගෙන තමාද මියගියේ ඉන්පසුවයි.

විවාහක කාන්තාවකට වසඟවී තහනම් ගහේ ගෙඩි කඩන්නට ගිය ප‍්‍රදීප් අවසානයේ සිය පවුලද විනාශ කරගත් නිසා බුද්ධිකාව මරාගෙන මැරෙන කේන්තියක් පහළව තිබී ඇති අතර ඒ සඳහා හිටපු හමුදා සෙබළෙකුවූ ඔහුට බෝම්බ සොයාගැනීමේ දුෂ්කරතාවයක් තිබීද නැත.

මේ සිදුවීම නිසා අහක සිටි නැන්දා කෙනෙකු මරුමුවට පත්වුනා සේම පවුල් දෙකේම දරුවන් දැන් අසරණවී ඇත. බෝම්බ ප‍්‍රහාරය නිසා මියගිය බුද්ධිකාගේ එක් දියණියක තවම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටී.

පුපුරාගත් බෝම්බයේ සීසීටීවී දර්ශන පහතින් නරඹන්න.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!