Gossip

ඉගෙන ගන්න වයස ප්‍රශ්නයක් නෙවෙයි, ලෝකයම උඩුයටිකුරු කළ ආච්චී 91 දී උපාධිය ලබයි – Photos

තායිලන්ත කාන්තාවක 91හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

කිම්ලාන් ජිනාකුල් නැමැති මෙම කාන්තාව පවසන්නේ තමාට තරුණ වියේදී විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍යතාවය තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණ බවයි.
ඇගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් උපාධි ලබාගනු දැක නැවතත් ඇයට ඒ සඳහා උවමනාවක් ඇතිවුණු බව ද දැඩි අධිෂ්ඨානය සහ කැපවීම හේතුවෙන් උපාධිය සම්පූරණ කැර ගැනීමට හැකියාව ලැබුණ බවද කිම්ලාන් තවදුරටත් පවසා ඇත.
ප්‍රථම වරට ඇය වයස 72දී උපාධිය සඳහා ලියාපදිංචි වී ඇතත් දියණියකගේ අභාවය හේතුවෙන් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත.

නැවතත් ඇය උපාධිය සඳහා ලියාපදිංචි වී ඇත්තේ අසූපස් වන වියේදීය. ඇය උපාධිය සඳහා තෝරා ගෙන ඇත්තේ මානව පරිසර විද්‍යාව විෂයයි.
ඇගේ දරුවන් හතරදෙනකු විශේෂ උපාධි ලබා ඇති අතර එක් අයෙකු ආචාර්ය උපාධියකට හිමිකම් කියන බව කිම්ලාන් පවසන්නීය. උපාධිය ලබාගත්තත් රැකියාවක යෙදීමට බලාපොරොත්තුවක් නොමැති බවත් දරුමුනුබුරන් සමග සතුටින් ජීවත් වන බවත් ඇය තවදුරටත් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!