Gossip

ටෙලි නිළිය වැල්ලේ කරපු බීච් පාර්ටි එක – එළිපිටම ලිංගික ක්‍රියාකාරකම්

cvr

වර්තමානයේ වෙරළ සාද පැවැත්වීම ඉතාම ලාභදායී ව්‍යාපාරයක්‌ බව ඇය දැන ගත්තේ යහළුවකු මාර්ගයෙනි. ඉන්පසු ඇය වෙරළ සාද ගැන දැඩි අධ්‍යයනයක්‌ කළාය. අවසානයේ ටෙලි නිළිය මේ පිළිබඳ මුලසිට අගට තොරතුරු ඉගෙන ගත්තාය. සල්ලිවලට කෑදර ඇය වෙරළ සාදයක්‌ සංවිධානය කිරීමට තීරණය කළාය.

වෙරළ සාදයේ ප්‍රධාන සංවිධායිකාව ඇයවූ අතර උප සංවිධායිකාව වූයේ ඇගේ දියණියකි. තවත් හිතවත් තරුණියන් කිහිප දෙනකු සමඟ ජයටම වෙරළ සාදය සංවිධානය කිරීමට ඇය ලක ලැහැස්‌ති වූවාය. ඉනෝකා සාදය පැවැත්වීම සඳහා තෝරා ගත්තේ ජාඇල ප්‍රදේශයයි. එය පැවැත්වීමේ දිනය ලෙස දීපවාලි උත්සවය පැවැති විසිනම වැනිදා තෝරා ගත්තේය.

ලයිසා (ඇයව හඳුන්වන අන්වර්ථ නාමය) ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ උණවටුන ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි. පවුලක ගෘහ මූලිකයා පිරිමියකු වුවත් ලයිසාගේ පවුලේ ගෘහ මූලිකයා වූයේ ඇයයි. ලයිසාගේ ස්‌වාමි පුරුෂයා කටයුතු කළ යුත්තේ ඇය කියන ආකාරයටයි. එසේ නොවුණහොත් ඔහුට සිදු වන්නේ ලයිසාගෙන් ගුටිබැට කෑමටයි

උණවටුන යනු විදෙස්‌ සංචාරකයන්ගේ පාරාදීසයකි. එම ප්‍රදේශයේ වෙසෙන බොහෝ ජනතාව ජීවිකාව ගැට ගසා ගත්තේ එම විදෙස්‌ සංචාරකයන් ආශ්‍රයෙනි. ලයිසාද එවැන්නියකි. මුළු උණවටුන ප්‍රදේශයේම ඇයව නොදන්නා අයකු නැති තරම්ය. එලෙසින්ම ඇයට කවුරුවත් වචනයක්‌වත් කියන්නේ නැත. එසේ නොකියන්නේ ලයිසාගේ තරම දන්නා නිසාය.

මත්පැන් පානය කරන, ගංජා සුරුට්‌ටුව උරණ, පිරිමි ගැවසෙන තැන්වල පවා ඇය ගැවසෙන්නේ කිසිම බියක්‌ සැකක්‌ නොමැතිවය. ඇයගේ ජීවිතයේ කාන්තාවන්ට වඩා සිටියේ පිරිමි යහළුවන්ය. කොටින්ම කියතහොත් බජාර් එකේ ලයිසා හොඳ චණ්‌ඩියෙකි. ඒ වගේම ඇය සල්ලිවලට දැක්‌වූයේ දැඩි කෑදරකමකි.

උණවටුන ප්‍රදේශයට වෙරළ සාද අලුත් දෙයක්‌ නොවේ. කවුරුත් හොර රහසේ දේශීය විදේශීය තරුණ තරුණියන් ඉලක්‌ක කර ගනිමින් වෙරළ සාද පවත්වන්නේය. ලයිසාගේ සිතේද කලක සිට වෙරළ සාදයක්‌ පැවැත්වීමේ දැඩි වුවමනාවක්‌ තිබුණි. දැන් එයට සුදුසුම කාලය බව ඇයට හැඟුණි.

ලයිසා වෙරළ සාදයක්‌ පැවැත්වීමට වුවමනා බව තමා දන්නා තරුණයන් කිහිප දෙනකුට පවසා ඔවුන්ගේ පූර්ණ සහාය ද ඉල්ලා සිටියාය. එම තරුණයෝ එක පයින්ම ඇයගේ ඉල්ලීමට එකඟවී සහාය දැක්‌වීමට කැමැති වූවෝය. ලයිසාට අරුමයක්‌ නොවූ වෙරළ සාදය පැවැත්වීමේ කටයුතු තම සගයන් සමඟ ඇය සංවිධානය කළාය. ලයිසාගේ වෙරළ සාදය පැවැත්වීමට යොදා ගත්තේද පසුගිය දීපවාලි දිනයි. ජාඇල සහ උණවටුන ප්‍රදේශයේ පැවැත්වෙන වෙරළ සාද දෙක සංවිධානය වූයේ එලෙසින්ය.

දීපවාලි දිනය පසුවිය. ලයිසාට සහ ඉනෝකාට එදින කාර්යබහුල දිනයක්‌ විය. වෙරළ සාද පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු දේවල් එම කාන්තාවන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වෙමින් තිබුණේය. රාත්‍රිය උදාවිය. ජාඇල සහ උණවටුනේ වෙරළ සාද දෙක ජයටම ආරම්භ විය

වෙරළ සාදය සඳහා සහභාගි වන්නන් ප්‍රවේශ පත්‍රයක්‌ මිලදී ගත යුතුය. එය අවම වශයෙන් රුපියල් දාහක්‌ පමණ වෙයි. එක ප්‍රවේශ පත්‍රයකින් ඇතුළු විය හැක්‌කේ එක්‌ අයකුට පමණි. විදේශිකයන්ගේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් පන්දාහක්‌ පමණ වේ. සාදය පැවැත්වෙන භූමියේ නොයෙක්‌ වර්ගයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය විකිණීමට තිබේ. එම සියලු මත්ද්‍රව්‍ය විකුණන්නේ වෙළෙඳ පොළේ මිලට වඩා අධික මිලකටය.

සාදය පැවැත්වෙන භූමිය අඩු බලයකින් යුත් විවිධ වර්ණයන්ගෙන් යුතු විදුලි බුබුළු දල්වා තිබේ. නිවෙමින් පත්තු වෙමින් එම බුබුළුවලින් ආලෝකය විහිදේ. පළාතම දෙවනත් වන සේ වේග රිද්මයේ බටහිර සංගීතයක්‌ පසෙකින් වාදනය වේ. මේ සියල්ල වෙරළ සාදයේ මූලික අංග වේ.

ඉන්පසු එලෙස සංවිධානය කළ වෙරළ සාදයට තරුණ තරුණියෝ වැල නොකැඩී සහභාගි වෙති. එලෙස සහභාගි වන තරුණ තරුණියෝ මුලින්ම කරනුයේ විවිධ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මත්වී සිහිය විකල් කර ගැනීමයි. (මෙම මත්ද්‍රව්‍ය අතරට මත්වෙන බෙහෙත් පෙති, ටොµs, ලොලිපොප් ආදිය ඇතුළත් වේ. මේවා විකිණෙන්නේ ඉතා විශාල මිලකටයි) ඉන්පසු අඩ අඳුරේ වේග රිද්මයෙන් ඇසෙන සංගීතයට සිහිය විකල් වූ මානසික රෝගීන් මෙන් තරුණ තරුණියෝ නර්තනයේ යෙදෙති. මෙහි භයානකම පැත්ත වන්නේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිහිය විකල්වූ තරුණ තරුණියෝ එළිපිටම සිප ගැනීම්වල නිරත වීමයි. මඳ වේලාවක්‌ එලෙස සිප ගන්නා ඔවුන් එයින් නවතින්නේ නැත. ලිංගික කටයුතුවල නිරත වීමටද පටන් ගනී. සමහර විදෙස්‌ තරුණ තරුණියෝද මෙම වෙරළ සාදවලට සහභාගි වන්නේ මෙරට තරුණ තරුණියන් සමඟ ලිංගික කටයුතුවල නිරත වීමේ බලාපොරොත්තු වෙනි. දීපාවලි දිනය දා ජාඇල සහ උණවටුන ප්‍රදේශයන්හි පැවැත්වුණ වෙරළ සාද පිළිබඳ තොරතුරු සුරාබදු නිලධාරීන්ට දැන ගන්නට ලැබෙන්නේ ඔය අතරතුරේදීය. එලෙස දැනගත් පසු වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීහු වෙරළ සාද දෙකම වැටලුවෝය. එවිට එම සාද දෙකේදීම විවිධ වර්ගයේ මත්පැන් බෝතල් හාරසීයක්‌ පමණ සොයා ගැනීමට හැකිවිය. ජාඇල වෙරළ සාදයේ නීති විරෝධී අයුරින් මත්පැන් විකූණා තිබුණේ එය සංවිධානය කළ ටෙලි නිළියගේ දියණියයි. අවසානයේ නීති විරෝධී ක්‍රියා සිදුකළ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට එම නිලධාරීහු කටයුතු කළාය

ගයාන් සමරසිංහ

උපුටා ගෑනිම  දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!